Gossip News

වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන කොළඹින්

‍ඊයේ (29) හඳුනාගත් ආසාදිතයින් 586 දෙනාගෙන් 209 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.
ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 දෙනෙක් ද වන බව එම මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 199 දෙනෙකු ඊයේ හඳුනාගත් පිරිස අතර වනවා.
ඉන් 58 දෙනෙකු වාර්තා වන්නේ මීගමුව ප්‍රදේශයෙනි. ඒ අතර, සීදුව 11ක්, කටුනායක 14ක්, මිනුවන්ගොඩ 6ක්, වත්තල 13ක්, කොච්චිකඩේ 8ක්, ජා ඇළ 10ක්, උස්වැටකෙයියාව ප්‍රදේශයෙන් 13ක් හා කඩවතින් 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
මීට අමතරව යාපනය දිස්ත්‍රික්කයෙන් 46 දෙනෙකු, බදුල්ල දිස්ත්‍රික්කයෙන් සිව්දෙනෙකු හඳුනාගෙන ඇත.
නුවරඑළිය, රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් දෙදෙනෙකු බැගින් ද කෑගල්ල, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙකු බැගින් ද හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!