Gossip News

වාසි නෑ… බේද නෑ… කොරෝනා සටනට අපි බැහැලම වැඩ….

කොරෝනා වසංගතය මැඬලීමට ආණ්ඩුව ගන්නා ක‍්‍රියාවලියට දේශපාලන වාසි නොබලා ක‍්‍රියාකිරීම අපගේ යුතුකම යැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවා.

කොරෝනා වසංගතය මැඬලීම සඳහා රට ජාතිය වෙනුවෙන් සලකා ආණ්ඩුවට සහාය දීම අපේ යුතුකම යැයිද, කවුරු හෝ මෙම වැඩපිළිවෙලට සහය නොදෙන්නේ නම් එය මහා අනුවන ක‍්‍රියාවක් යැයිද කී රෝසි සේනානායක මහත්මිය මෙසේද කීවාය.

අපේ මහ නගර සභාවේ සේවක සේවිකාවන්, වෛද්‍ය නිලධාරීන් දවසේ පැය 24 පුරාම මෙම කොරෝනා වසංගතය පළවා හැරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව පොලිසිය සමග එක්වී විශාල පරිශ‍්‍රමයක් දරනවා. දැන් සිදුකරන වගා සංග‍්‍රාමයටත් අප විශාල සහයෝගයක් ලබාදීමට බලාපොරොත්තු වන අතර මේ මොහොතේ අපිට දේශපාලන භේදයක් අවශ්‍ය නොවන බවත් ඇය කීවාය.

නෝමන් පලිහවඩන

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!