පාකිස්ථානය සමග පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනට පැමිණියා.
එහිදී ඔවුන්ට උණුසුම් පිළිගැනීමක්ද හිමිවුණා.
පාකිස්ථානයේ ත්‍රස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ආරක්ෂාවක් ලබාදීමටත් පාකිස්ථාන රජය පියවර ගෙන තිබුණා.
මෙම තර්ජන නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුද තරගයට සහභාගී වුණේ නැහැ.
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදී ලබාගත් ඡායාරූප පහතින්…
