මේ වෙලාවේ වායු සමීකරණය කරන ලද කාමරවල පුද්ගලයන් වැඩි වශයෙන් ගැවසීම සිදු නොකළ යුතුය…’’ යැයි අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත පැවැසීය.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. ‘‘මේ වනවිට කොරෝනා රෝග තත්ත්වය යළිත් සමාජගත වෙලා. ඒ නිසා මේ වෙලාවේ වසා ඇති වායු සමීකරණය කරන ලද කාමරවල වැඩි දෙනෙක් ඉන්න තැනක එක් අයකු ළඟ මේ වෛරසය තිබුණොත් අනෙක් පිරිසට වැළඳීමේ හැකියාව වැඩියි. මේ නිසා වායු සමීකරණය කරන ලද කාර්යාලවල, ආයතනවල ඉන්න අය හරි අවධානයෙන් ඉන්න.
