Gossip

කොරෝනා නිසා ඇමරිකාවට වෙන්න යන අලුත්ම දේ මෙන්න.

ඇමෙරිකා එක්සත් ජනපදය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් ඇමරිකාවේ ප‍්‍රාන්ත කීපයක වැසියන් විරෝධතා වල නිරතවී තිබේ.

ඇරිසෝනා ,කොලරාඩෝ , මොන්ටානා , වොෂින්ටන් ප‍්‍රාන්ත වැසියෝ මෙසේ විරෝධතා වල නිරත වුහ.

මෙම විරෝධතා වලට ජනාධිපති ට‍්‍රම්ප් ගේද සහය පලවී තිබේ.

ජනාධිපතිවරයා පවසන්නේ රට වසා තැබීම නිසා ඇමරිකානු ආර්ථිකය කඩා වැටෙන බවයි. එහෙත් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරු බොහොමයක් පවසන්නේ ආර්ථිකයට වඩා ජනතාව ගේ ආරක්ෂාව වඩා වැදගත් බවයි. මේ නිසා ට‍්‍රම්ප් හා ආණ්ඩුකාරවරුන් අතර මතබේද උග‍්‍රවී තිබේ.

ඇමරිකාවේ මුලින්ම කොරෝනා වේගයෙන් පැතිර ගිය වොෂින්ටන් ප‍්‍රාන්තයේ ඔලිම්පියා නගරයට රැස්වුණු සිය ගණන් ඇමරිකානුවෝ වහාම ප‍්‍රාන්තය විවෘත කරන ලෙස ආණ්ඩුකාරවරයාට බල කරමින් විරෝධතා ව්‍යාපාරවල නිරත වුහ.

වොෂින්ටන්හි මෙම විරෝධතාවට දෙදහස් පන්සියයකට අධික පිරිසක් සහභාගිවී තිබේ.

කොරෝනා පැතිරයාම වැලැක්වීම සඳහා පැනවුණු දුරස්ථකරන නීති හෝ මුහුණු ආවරණ පැළඳීම පවා බොහෝ විරෝධතා කරුවන් සිදු කර නැත.මේ අතර ඇමරිකාවේ ඇතැම් ප‍්‍රාන්තවල කොරෝනා පැතිරයාමේ යම් අඩුවක් දක්නට ලැබේ. එම ප‍්‍රාන්ත විවෘත කිරීම සම්බන්ධයෙන් ප‍්‍රාන්ත ආණ්ඩුකාරවරුන් අතර සාකච්චා පවත්වා තිබේ.

මේ අතර නිව්යෝර්ක් ආණ්ඩුකාරවරයා විසින් කොරෝනා හදිසි තත්වය මැයි 15 වැනිදා දක්වා දීර්ග කර තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!