වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ තම දියණිය දූෂණය කළ බව කියන යුද හමුදා සෙබළෙකුව ආණමඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.පුත්තලම යුද හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන සැකකාර හමුදා සෙබළා ආණමඩුව – පාලියාගම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙක්.පසුගිය 08 වැනිදා දහවල් කාලයේ සැකකරු තම දියණියට අතවර කිරීමට උත්සාහ කර ඇති අතර දියණිය ඊට විරෝධය පළ කර පසුව ඇය විසින් මේ බව ආණමඩුව පොලීසියට පැමිණිළි කර තිබෙනවා.දියණියගේ පැමිණිල්ලට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.අතවරයට පත්ව ඇති තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වෙනවා.
