මිනිස්සුන්ට හැඟීම් පාලනය කරගන්න බැරිව ගියාම තමන්ගේ දුව පුතා අදුරගන්න බැරිව ගියාම සිද්ධ වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ.
ඒ විදිහට තමන්ගේ බිරිඳගෙන් ලබාගත යුතු දේවල් සිය දියණියගෙන් සපුරාගත් පාපතර පියෙකු ගැන ලියැවුණු කතාවකි මේ.
ඇත්තම කිව්වොත් හිර ගෙදරට ආව මුල් දවස්වල මට පැනලා යන්නත් හිතුණා.
ඒ දවස්වල මට ජීවිතේ එපා වෙලා හිටියේ. අවුරුදු දහයකට වඩා මම ඉන්නේ හිර ගෙදර. ගෙදරින් මාව බලන්න එන්න හැදුවට මම කියලා තියෙන්නේ මාව බලන්න එන්න එපා කියලා.”
ඇයි එහෙම කියන්නේ?
“මම මහ පවුකාර මිනිහෙක් .කොටින්ම කිව්වොත් තිරිසනෙක්.”
තමන්ටම එහෙම කියාගන්නේ ඇයි?
“මම වැරදි කාරයෙක් කියලා මම දන්නවා. ඒ වුණත් ඇයි මම එහෙම හැසිරුණේ කියලා මට ම හිතා ගන්න බැහැ.”
කොහොම ද හැසිරුණේ?
ඔහු ඊට උත්තර නොදි මඳක් බලා සිටින්නට වුයේය. විනාඩි දහයක් පහළොවක් ගතව ගියේය. මා අභියස සිටින මිනිසා කිසිම කතා බහක් නැත.
බොහෝ වේලාවකට පසුව ඔහු හඬ අවදි කරන්නට විය. එතෙක් වේලා හිස බිමට පහත් කරගෙන සිටි ඔහු හිස ඔසවා කතා කරන්නට වුයේය. පුදුමයකි.
ඒ හැඩි දැඩි මිනිසාගේ දෑස් කඳුළින් පිරි ගොසිනි.
“කවදාවත් කාටවත් සමාව දෙන්න පුළුවන් වරදක් නෙමෙයි මම කළේ. මට අද මං ගැනම ලැජ්ජයි. කොහොමද මම කරපු දේ තවත් කාටවත් කියන්නේ.”
ඔයා කැමතිනම් විතරක් මට කියන්න?
ඔහු දිගු සුසුමක් හෙළමින් හඬ අවදි කළේය. “මම කළේ පුංචි රස්සාවක්. ඒ රස්සාවෙන් පවුලක් රකින්න අමාරුයි. අමරා කියන්නේ මම බැන්ද කෙනාගේ නම.
එයාගේ ගෙවල් තිබුණේ අපේ ගෙවල් ළඟමයි. සාමාන්‍යයෙන් ඒ වගේ කෙනෙක් මං වගේ දුප්පත් කෙනෙක් එක්ක යාළු වුණා කියන එකත් පුදුමයි.
ඒත් අමරා මට ආදරේ කළා. එයාගේ ගෙදර කවුරුවත් මට කැමති වුණේ නැහැ.
පවුල් බරක් නොතිබුණාට මගෙ රස්සාව සල්ලි මහ ගොඩක් ලැබෙන එකක් නෙමෙයි. අමරගේ ගෙදර අය මට තදින්ම විරුද්ධ වුණා.
මම අමරට කිව්වා මාව අමතක කරලා ගෙදරින් කියන එකකට කැමති වෙන්න කියලා.
ඒත් එයා මාව අමතක කරන්න කැමති වුණේ නැහැ. අන්තිමට අමරට එයාගේ අම්මා මනමාලයෙක්ව හෙව්වා.
මනමාලයා අමරව දැකලා එයාට කැමති වුණා. මඟුල් ගේ ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අමරා ගෙදරින් පැනලා ආවා.
ඒත් අපේ ගෙදරින් කැමති වුණේ නැහැ එයාව බාර ගන්න . කරන්නම දෙයක් නැති තැන පහුවදා අපි ගමෙන් පිට වුණා.”
කොහෙද ගියේ?
“යන්න කියලා ඉස්තිරයටම තැනක් තිබුණේ නැහැ. අපි මුලින්ම ගියේ අමරගේ යාළුවෙකුගේ ගෙදරට. යාළුවා අපිව බොහෝම ආදරෙන් පිළිගත්තා. ”
“දවස් මාස ගණන් ගෙවිලා ගියා. ඒ පැත්තේ මිනිස්සු කැලැවල් සුද්ද කරගෙන වගාවන් කරලා ජීවත් වුණේ . අපිත් කැලෑවෙ කොටසක් සුද්ද කරලා ගත්තා . එළවළු වැව්වා”.
“ඒ නිසා අපිට අහේනියක් තිබුණේ නැහැ. අපි මැටිවලින් පොඩියට ගෙයක් හදා ගත්තා. ඒ ගෙදර ඇත්තටම අපිට සතුටක් තිබුණා.
අහල පහළ මිනිස්සු අපිට බොහොම ආදරෙන් සැලකුවා. අපේ සතුට තවත් වැඩි වුණේ දුව ලැබුණට පස්සේ.
ගම ටික ටික දියුණු වුණා. ඇත්තම කිව්වොත් අපිට අපේම අය ළඟ නැහැ කියලා මහා ලොකු පාළුවක් දැනුණේ නැහැ. දුව ඉපදිලා අවුරුදු පහකට විතර පස්සේ තමයි පුතා ලැබුණේ.”
එතකොටත් ගොවිතැන් වැඩද කළේ ?
“ඔව් මම දිගටම ගොවිතැන් කරන්න ගත්තා. අමරා මට උදව් වුණා.
ඒ වෙනකොට අපි ගමෙන් ඇවිල්ලා අවුරුදු හයක් විතර ඇති .අමරා වගේම ලස්සනට දුවත් හැදුණා.
දුව සාමාන්‍ය පෙළ විහාගයට ලිව්වා. ඔය කාලේ වෙනකොට ගමේ හුඟක් ගෑනු මැද පෙරදිග යන්න පටන් අරගෙන තිබුණේ.
අමරත් හැම තිස්සෙම එයාට රට යන්න ඕන කියලා කියවන්න ගත්තා. ඒක මහ කන්දොස්කිරියාවක් වුණා. අන්තිමට මම කිව්වා ඕන දෙයක් කර ගන්නවා කියලා.
අමර එයාගේ ආශාව ඉටු කරගත්තා. දුවවයි පුතාවයි මට බාර දිලා අමරා රට ගියා.”
ඊට පස්සේ මොකද වුණේ ?
“අමරා රට ගියාට පස්සේ මගේ ජීවිතය හුඟක් වෙනස් වුණා.
පුතාගේ හැම දේම කළේ දුව එයා ගෙදර මුල් තැන අරගෙන කටයුතු කරන්න ගත්තා. මගේ ඇඳුම් හෝදලා මට කන්න බොන්න හැම දේම හදලා මගේ දුක සැප හොයලා බැලුවේ දුව.
ඒත් මම දුව දිහා බැලුවේ නරක විදිහට .
මට මාව පාලනය කර ගන්න බැරි වුණා. මට මගේ හිත හදා ගන්න බැරි වුණාම බොන්න පුරුදු වුණා.
ඊට පස්සේ මම හැසිරෙන්න ගත්තේ තිරිසනෙක් වගේ. මම දුවට වධ දුන්නා .
දුව මට බයේ හැම දෙයක්ම හංගාගෙන හිටියා . අමරා මා ළඟ නැති අඩුව මම පුරවා ගත්‍තේ දුවගෙන්. දුව මේ හැම දෙයක්ම අමරට කියලා යවලා තිබුණා”.
“රට ගිහිල්ලා අවුරුද්දකට පස්සේ අමරා ලංකාවට අවා. අමරා එදා ගෙදර ආවේ තනියම නෙමෙයි.
පොලීසියත් එක්ක. ඒ වෙනකොට දුවට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා මම දැනගෙන හිටියේ නැහැ.
මට පොලිසියෙන් ගහන කොට දුව කෑ ගහලා ඇඬුවා. ඒ වෙලාවේ අමරා දුවට ගැහුවා. “උඹට මේච්චර දෙයක් කරපු තිරිසනා ගැන මොකටද දුක් වෙන්නේ කියලා. “ ගමේ මිනිස්සු වටවෙලා බලාගෙන හිටියා. මට ඒ වෙලාවේ ලැජ්ජාවක් දැනුණේ නැහැ. මොකද මම හොඳටම බීලා හිටියේ. ඔන්න ඔය හේතුව නිසා තමයි මට හිරේ එන්න වුණේ.”
එතකොට පුතා?
“පුතා දැන් ඉස්කොලේ ගිහිල්ලා ඉවර ඇති. දුවට ලැබුණු ළමයත් දැන් ලොකු ඇති.”
*කැමැත්තක් නැද්ද ඒ අයව බලන්න?
“කොහොමද මම ඒ අයට මුහුණ දෙන්නේ. දවසක් අමරා ආවා මාව බලන්න . මම බොහොම අමාරුවෙන් එයාට මුහුණ දුන්නේ. අමරා ඉඩම් විකුණලා වෙන පළාතකට යන්න ගිහිල්ලා”.
“එයා එයාගේ කුසෙන් ලැබුණ දරුවෙක් හැටියට තමයි දුවට ලැබුණ දරුවව හදාගන්නේ. මම අමරට කිව්වා ආයේ කවදාවත්ම මාව බලන්න එන්න එපා කියලා.”
නිදහස් වුණ දවසට
කෙහෙද යන්නේ?
“යන්න එන්න තැනක් නැති බව ඇත්ත. ඒක ඉතින් නිදහස් වෙච්ච දවසට බලනවා. කොහොමත් මම ජීවිතේ ආශාව අත් හැරලා තියෙන්නේ. මම මෙලහකටත් සිය දිවි හානි කරගෙන . ජීවිතේ තවත් කරුම කරන්න බැරි නිසා තමයි ඉවසාගෙන ඉන්නේ.”
ඔහ ඵසේ පවැසුෙවි සුසුමක් හෙළමිනි.
“හැම දෙයක්ම වුණේ ඉවසිල්ලක් නැති කමට. මට මගේ දුව ගැන හිතන්න තිබුණා. කාමයට තිබුණු ආශාව නිසා අන්තිමට මට මගේ කියන හැම දේම නැති වුණා.මම තනිවුණා.ඒත් හිරේ ඇවිල්ලා දඬුවම් වින්දට මගේ හිත හැදෙන්නේ නැහැ. මේ පාපතර වරදකාරී හැඟිම මම මැරෙනතුරුම මගේ හිතේ තියෙනවා. ”