අද(20) උදෑසන 6.40 ට පමණ වත්තල පොලිස් වසමේ හේකිත්ත හන්දිය ආසන්නයේ පිහිටි රෙදිපිළි වෙළඳ සැලක ගින්නක් හට ගෙන
තිබෙනවා.
මෙම ස්ථානයේ පිහිටි මහල් 3 කින් සමන්විත මෙම රෙදිපිළි වෙළඳසැලේ ගින්න ඇති වීමත් සමඟ වත්තල පොලීසිය වහාම ක්රියාත්මක වී තිබෙනවා.
වත්තල නගර සභාවේ ගිනි නිවීමේ රථ 2 ක් හා වැලිසර නාවික හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් කැඳවා මේ වන විට ගින්න මැඩ පවත්වා තිබෙන අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසනවා.
මෙ සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවට වාර්තා කරනවා.