උතුරු කොරියානු නායක කිම් ජොන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවද ඔහුගේ හදවතේ ශල්‍යකර්මයක් සිදුකර ඇති බවද සඳහන්.
ඔහු සිටින්නේ අවධානම් තත්ත්වයක බවද ඇමරිකානු බුද්ධි නිරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙනවා.
ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබෙන්නේ ඔහුගේ මොලයද මේ වනවිට මියගොස් ඇති බවයි.
මෙම සියළු වාර්තා එසේ වුවද උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කරන්නේ සැත්කමකට කිම් ජොන් භාජනය වුවද ඔහුට එතරම් අසාධ්‍ය නොවන බවයි.
