ලෝකයටම අනතුරු අගවමින් පැතිර ගිය කොරෝනා වෛරසය මේ වෙද්දි ජීවිත 81,987 ක් බිළිගෙන තිබෙනවා.
ඒ වගේම ලක්ෂ 15 කට ආසන්න ප්‍රමාණයක් ආසාදිතයන් වාර්තා වනවා.
සුවය ලැබූ පිරිස තුන් ලක්ෂ එක්දහස් අටසිය විසි අටක්.
ඇමරිකාව තුල ඊයේ දිනයේදී කොරෝනා මරණ 1970 ක් වාර්තා වී තිබුණා.
එරට සිදුවූ මුළු මරණ ප්‍රමාණය මේ වනවිට 12,813 ක් ලෙසයි වාර්තා වන්නේ.
තත්ත්වය මෙසේ වෙද්දි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට සහය වන ආකාරයට කටයුතු කරන නිසා ඔවුන්ට ලබාදෙන ආධාර නතර කරන බවයි.
