ලොව පුරා රටවල් හා ස්වාධීන කලාප 213 ක පැතිර යමින් පවතින කොරෝනා ආසාදනයට ගොදුරු වී ඇති සංඛ්‍යාව අද (15දා ) අසු ලක්ෂය ඉක්මවා ගියේය. මේ අනුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් දහවල් 1.45 වන විට ලොව පුරා වාර්තා වී තිබු මුළු කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව අසු ලක්ෂ හත්දහස් අටසියහතරක් (8,007,804) විය.
මෙම කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් විසි එක් ලක්ෂ හැට දෙදහස් දෙසිය විසි අට දෙනෙකු (2,162,228) වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර දෙවැනි වැඩිම කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව වන ආසාදිතයින් අට ලක්ෂ හැට හත්දහස් අටසිය අසුදෙදෙනෙකු (867,882) බ්‍රසීලයෙන්ද තෙවැනි වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන පන්ලක්ෂ තිස්හත්දහස් දෙසිය දහයක් (537,210) රුසියවෙන්ද වාර්තා වී තිබේ.
ඉහත කී වේලාව වන විට ලොව පුරා වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව හාර ලක්ෂ තිස් පන්දහස් අටසිය පනස්පහක් (435,855) වේ .අතර චීනයේ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු අද දිනයේ වාර්තා වී ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 177 දෙනෙකි.
ඒමන්ති මාරඹේ
