ලොව පුරා රටවල් හා කලාප 210ක පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරු වූ රෝගීන් ගේ සංඛ්‍යාව අද (22දා) විසිපන්ලක්ෂය ඉක්මවා ගියේය .
මේ අනුව අද දහවල් 1 වන විට ලොව පුරා රටවලින් වාර්තා වී තිබු කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසි පන් ලක්ෂ හැටදහස් හැට තුනක් (2,560,063) විය කොරෝනා වෛරස් ආසාදිතයින් එක් ලක්ෂ හැත්තෑහත්දහස් හත්සිය දහඅට දෙනෙකු (177,718.) ආසාදනයෙන් ඒ වන විට මිය ගොස් තිබිණි .
මේ වන විට කොරෝනා වෛරස් ආසාදනයට ගොදුරැ වී සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව හයලක්ෂ අනුහයදහස් දෙසිය තිස් දෙකක් (696,232)වේ .
ලොව වැඩිම කොරෝනා වෛරස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මෙන්ම වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයෙන් වන අතර එරටින් අද දහවල් 1 වන විට කොරෝනා ආසාදිතයින් 819,175 ක් හා මරණ 45,343 ක් වාර්තා වී තිබිණි ස්පාඤ්ඤයෙන් කොරෝනා ආසාදිතයින් 204,178ක් හා මරණ 21,282 දෙනෙකුද ,ඉතාලියෙන් ආසාදිතයින් 183,957 ක් හා මරණ 24,648 ක්ද ,ප්‍රංශයෙන් ආසාදිතයින් 158,050 ක් හා මරණ 20,796 ක්ද ,ජර්මනියෙන් ආසාදිතයින් 148,453ක් හා මරණ 5,086 ක්ද වාර්තා වී තිබිණි .
