Gossip

“ලෝකයටම වින කරන වෛරසයක්ද මේ..? නව කොරෝනා වෛරස විශේෂ 6 ක් සොයා ගැනේ.”

මියන්මාරයේ වෙසෙන වවුලන් ගෙන් නව කොරෝනා වෛරස් විශේෂ 06ක් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා.
මෙම නව වෛරසයන් කොවිඩ් -19 ඇතිවූ SARS-CoV2 වෛරස් පවුලට අයත් වුවත් එය වර්ථමානයේ ලොවපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට ජානමය වශයෙන් සම්බන්ධ නොවන බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
අලුතින් අනාවරණය වූ වෛරසයන් 06 වව්ලන් විශේෂ තුනකින් සොයා ගැනීමට විද්‍යාඥයින් සමත්ව ඇත.
මෙලෙස අලුතින් අනාවරණය කර ගනු ලැබූ වෛරසයන් අනෙක් සතුන් හරහා සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙනවාද යන්න ගැනත් ඉන් මිනිසුන්ට ඇතිවිය හැකි අවධානම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම අත්‍යාවශ්‍යව ඇති බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.
කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සමග ඉදිරියේදී වවුලන් ගෙන් ඇතිවිය හැකි වෛරසයන් සම්බන්ධයෙන් හඳුනා ගැනීම, මහජන සෞඛ්‍යට තර්ජනයක් විය හැකි බෝවන රෝග හඳුනා ගැනීම සහ ඒවා වැළැක්වීම සහ ඒ සම්බන්ධයෙන් සුදානම්විම සම්බන්ධයෙන් Smithnsonian‘s ගෝලීය සෞඛ්‍ය වැඩසටහන විසින් මෙම පර්යේෂණය මෙහෙයවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
බංග්ලාදේශය සහ ඉන්දියාවට මායිම්ව පිහිටි අග්නිදිග ආසියානු රටක් වන මැලේසියාවේ වෙසෙන වවුලන් විශේෂ 11 කින් මෙම පර්යේෂණ කණ්ඩායම සාම්පල් එකතු කර ඇත.
2016 වර්ෂයේ මැයි මාසයේ සිට 2018 අගෝස්තු මාසය දක්වා කාලය අතර තුරේදී සාම්පල් 750 ක් එකතු කර ගෙන ඇත.
එම සාම්පල් මීට පෙර වාර්තා වී ඇති වෛරස් සමග සසඳන විට මෙලෙස නව වෛරස් විශේෂ 06ක් සොයා ගැනීමට විශේෂඥයින් සමත්ව ඇත්තේ.
මෙලෙස හඳුනා ගන්නා ලද වෛරස් වර්ග 06 සඳහා විද්‍යාඥයින් විසින් නම් ලබාදී ඇති බවයි LiveScience සඟරාව සඳහන් කරන්නේ.
ඒ අනුව PREDICT-CoV-90, PREDICT-CoV-47, PREDICT-CoV-82 සහ 92, 93,96 යනුවෙන් එම වෛරස් විශේෂ 06 සඳහා නම් තබා ඇත.
ඇතැම් වවුලන් ගෙන් ඇතිවන වෛරසයන් මිනිසුන්ට හානිකර නොවුනත් වසංගත තත්ත්වයක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා සුපරීක්ෂාකාරීවීම, පර්යේෂණ සහ අධ්‍යයනය කිරීම ඉතා වැදගත් බවයි Smithsonain’s ගෝලීය සෞඛ්‍ය වැඩසටහනේ අධ්‍යක්ෂක Suzan Murray සඳහන් කර සිටියේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!