කොවිඩ්-19 වෛරසය වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී සහ සාමූහික ප්‍රයත්න යෙදිය යුතු බවටත් වෛරසය පොකුරු වශයෙන් පුද්ගල කණ්ඩායම් අතර ව්‍යාප්ත වන බවටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව සහ තවත් අග්නිදිග ආසියානු රටවල් කිහිපයකට අනතුරු අඟවා ඇත.
එම සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ පූනම් කේත්‍රපාල් සිං විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.
‘‘වෛරසය සම්ප්‍රේකෂණය වීම පොකුරු වශයෙන් සිදුවෙමින් තිබේ. වෛරසය තවදුරටත් පැතීරිම වැළැක්වීම සඳහා අදාළ රටවල් වඩාත් ආක්‍රමණශීලී සහ ඒකාබද්ධ සාමූහික සටන් ප්‍රයත්නයක් අවශ්‍ය වේ. අප වඩාත් ඉක්මනින් සහ වැඩිවැඩියෙන් කටයුතු කළ යුතුව ඇත.’’ යනුවෙන් ඇය ප්‍රකාශ කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට අමතරව මෙලෙස නව අනතුරු ඇඟවීම් සිදුකර ඇත්තේ තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය, නේපාලය සහ භූතානය යන නව රෝගීන් රැසක් වාර්තා වී ඇති රටවලටයි.
මේ අතුරින් රටවල් කිහිපයක්ම පැහැදිලිවම වෛරසය ආසාධනයේ ‘ප්‍රජා සම්ප්‍රේෂණය’ දෙසට ගමන් කරමින් ඇති බව සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වන බව වෛද්‍ය සිං වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
