Gossip

ලොව පුරා කොරෝනා මරණ ලක්ෂය ඉක්මවයි – වැඩිම ආසාදිතයින් ඇමරිකාවෙන්

කොරෝනා වෛරසයෙන් ලොව පුරා මියගිය ආසාදිතයින් සංඛ්‍යාව 100,261 දක්වා ඉහළ ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 18,849කි.

ඉතාලියට පසුව වැඩිම මරණ ඇමෙරිකාවෙන් වාර්තා වේ.

එම සංඛ්‍යාව 17,920ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊට අමතර ස්පාඤ්ඤයෙන් මරණ 15,970ක්, ප්‍රංශයෙන් මරණ 12,210ක්, බ්‍රිතාන්‍යයෙන් මරණ 8,958ක්, ඉරානයෙන් මරණ 4,232ක්, චීනයෙන් මරණ 3,336ක් සහ බෙල්ජියමෙන් මරණ 3,019ක් ලෙස වාර්තා වේ.

වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් ඇමෙරිකාවෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 478,272කි.

ඊට අමතරව ස්පාඤ්ඤයෙන් ආසාදිතයින් 157,053ක්, ඉතාලියෙන් ආසාදිතයින් 147,577ක්, ජර්මනියෙන් ආසාදිතයින් 119,624ක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් 117,749ක් ලෙස වාර්තා වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!