නව කොරනා වෛරසය පැතිරීම නිසා උපත් පාලන ක්‍රම භාවිත කිරීමට නොහැකි වීම නිසා අනවශ්‍ය ගැබ් ගැනීම් සහිත කාන්තාවන් දොළොස් ලක්ෂයක් පිලිපීනයේ සිටිය හැකියි යැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ පිලිපීනයේ නියෝජිතවරයා වශයෙන් කටයුතු කරන වෛද්‍ය ජෝසප් මයිකල් සිං පවසයි.
කොරෝනාවෛරස් වසංගතයේ ප්‍රතිඵලයක් වශයෙන් කාන්තාවන් කෝටි ගණනකට උපත් පාලන ක්‍රම භාවිත කිරීමට නොහැකි වීමේ ඉඩක් පවතී. ඒ හේතුවෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් තීව්ර ලෙස ඉහළ යා හැකි බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අනතුරු අඟවයි
මේ වසරේ පැතිර ගිය වසංගතය හමුවේ අත්‍යවශ්‍ය උපත් පාලන පහසුකම් 50% කින් පහළ ගොස් ඇති පසුබිමක ඇති විය හැකි වඩාත් අහිතකර ප්‍රතිඵල වශයෙන් ඉහත කී ගණනය කිරීම් සිදු කර ඇති බව මයිකල් සිං පවසයි.
අනවශ්‍ය ගැබ් ගැනීම් සමග හෙද හෙදියන්, පවුල් සෞඛ්‍ය සේවකාවන් සහ හදිසි සේවා වෙත පිවිසීමට ඇති අවස්ථා අඩු වීම නිසා මාතෘ මරණ වැඩි වශයෙන් වාර්තා විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අනතුරු අඟවයි.
