Gossip News

ලියුකේමියාව රෝගයෙන් පෙළෙන ඕෂධීගේ සුවදුක් විමසන්න ක්‍රීඩා ඇමති නාමල් රෝහලට

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමේ කීර්තියක් ගෙනදුන් බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන, මේ වන විට ලියුකේමියාව රෝගයෙන් පෙළෙන ඕෂධී කුරුප්පුගේ සුවදුක් විමසීමට ඊයේ (24 වැනිදා) ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මහරගම අපේක්ෂා රෝහලට ගොස් තිබෙනවා..

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකද වන ඕෂදී, ඇක්ට් මයිලෝයිඩ් ලියුකේමියාව (AML) නමින් හැඳින්වෙන රෝගයෙන් පෙළෙන බවට විනිශ්චය කර ඇති අතර ඇය සඳහා වහාම සැත්කමක් (අස්ථි-මිදුලු බද්ධයක්) සිදුකිරීම අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසා තිබේ.

සැත්කම සඳහා ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 10 ක් වන අතර මේ වනවිට එම මුදල සොයා ගැනීම අපේක්ෂාවයි. ඕෂධීගේ සුවදුක් විමසීමට ක්‍රීඩා අමාත්‍යවරයා රෝහලට ගිය අවස්ථාවේදී ඇයගේ දෙමාපියන්ට දන්වා ඇත්තේ සැත්කම සඳහා අවශ්‍ය ඉතිරි මුදල් රටේ පෞද්ගලික සමාගම් වෙතින් ලැබෙන සේ කටයුතු කරන බවයි.

ඕෂධීගේ ප්‍රතිකාර සඳහා මහජනතාවට දායකවීම පිණිස පුද්ගලික බැංකු ගිණුමක් විවෘත කර ඇති අතර එය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වී තිබේ.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩිකා ඕෂධී කුරුප්පුගේ ප්‍රතිකාර වෙනුවෙන් දායක වීමට අපේක්ෂා කරන අයට මුදල් පරිත්‍යාග කළ හැකිය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!