Gossip

ලංකාවේ ගුරුවරුන්ට මොකද්ද මේ වෙලා තියෙන්නේ? – මොණරාගල ගුරුවරුන්ගෙන් පස්සේ තවත් සල්ලාල ඉංග්‍රීසි ගුරුවරයෙකුගේ වැඩක් පත්තු වෙයි

පාසලේ ඉංග්‍රීසි නාට්‍යයක්‌ නිපදවන බව පවසා එහි රඟපෑමට යයි පාසල් වේලාවෙන් පසු සිසුන් රඳවාගෙන එයින් වසර 10 මාස 5 ක බාල වයස්‌කාර සිසුවකුට ලිංගික අතවර කළ බව කියන එහි ඉංග්‍රීසි ගුරුවරයාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය එම සැකකරු අගෝස්‌තු මස 7 වැනි දින දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට 31 දා නියෝග කර තිබෙනවා.

විමර්ශන කටයුතු අවසන් නොවීමේ හේතුව මත ඇප ප්‍රතික්‍ෂේප වූ සැකකරු (ඉංග්‍රීසි ගුරුවරයා) වූයේ සීදුව මුතුවාඩිය පාර රද්දොළුවේ පදිංචි කේ. කේ. සමන්ත ලාල් (50) නමැත්තෙක්.

මෙම සැකකරුට එරෙහිව දුන්ගාල්පිටිය පොලිසිය ගොනුකළ පැමිණිල්ල අනුව මෙම සිද්ධිය වී ඇත්තේ මීගමුව පිටිපන ප්‍රදේශයේ රජයේ විදුහලකයි.

එම විදුහලේ ඉංග්‍රීසි ගුරුරවරයකු වන සැකකරු ඉංග්‍රීසි නාට්‍යයක්‌ අධ්‍යක්‍ෂණය කරන බව පවසා විදුහලේ සිසුන් විදුහල් වේලාවෙන් පසු රඟපෑමට යොදා ගන්නා බවට පවසා නවතාගෙන තිබෙනවා.

එම සිද්ධියට අදාළ වූ මෙම සිසුවාද එහි රඳවාගෙන ඇතත් පසුව අනිත් සිසුන් පිටත්කර යවා සිසුවා පමණක්‌ රඳවාගෙන පසුව සැකකරු විසින් සිසුවාට ලිංගික අතවර කළ බව පැමිණිල්ලේ සඳහන් වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!