කෝවිඩ් 19 වෛරසය පදනම් කරගෙන මෙරට ජනතාවට මුඛ ආවරණ පැලඳීම තවමත් අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසීය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (11 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.
කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන් සහ උණ, කැස්ස වැනි රෝග තත්ත්වයකින් පෙළෙන පුද්ගලයන් පමණක් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම අද වන විට දියුණු රටවලට පවා මෙම වෛරසය පාලනය කර ගැනීමට නොහැකි වී ඇති මොහොතක ශ්‍රී ලංකාව වැනි රටකට මෙම වෛරසය ව්‍යාප්ත වුවහොත් ත්‍රස්තවාදී කාලවල පැවතුණා වැනි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩකඩ ඇති බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
‘‘සාමාන්‍යයෙන් මෙම වෛරසය තරුණ පිරිසට වැළඳෙනවා අඩුයි.
ළමයින්ට උණත් වැලඳෙනවා අඩුයි. ඒ නිසා මෙම තත්ත්වය වැඩි ලෙස බලපාන්නේ වයස අවුරුදු 40ට වැඩි අයටයි. මේ වෙලාවේ ජනතාව කළ යුත්තේ නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් පිළිපැදීමයි.
ඒ වගේම සෙනඟ ගැවසෙන ස්ථානවල රැඳී සිටීම නැවැත් විය යුතුයි. හැබැයි ජනතාව අනවශ්‍ය කලබලයක් ඇති කර ගත යුතු නැහැ.
දැනට තියෙන නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව අවශ්‍යතාව අනුව නව මධ්‍යස්ථාන වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.