Gossip News

“රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයන් ඉක්මනින්ම නිවෙස්වලට” කොවිඩ් ආසාදිතයන් ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ තීරණයක් ගනී

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී මේ වන විට රෝහල් ගතව සිටින රෝගීන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් ඉක්මනින් නිවෙස් වෙත පිටත් කර හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අදාළ චක‍්‍රලේඛය ඊයේ (30) දිනය තුළ අදාළ ආයතන වෙත නිකුත් කිරීමට පියවර ගත් බවයි.
ඊයේ (30) පස්වරුව වන විට කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 6000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!