Gossip

රෝගියා කළ වැඩෙන් ආයෙත් අවදානමක්

අංගොඩ අයි.ඞී.එච්. රෝහලෙන් කොරෝනා රෝගියකු පලාවිත් සමාජයේ සැරිසැරීම නිසා යළි අවදානමක් හටගෙන ඇතැයි වසංගත රෝග අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහ පැවසීය.

මෙම පලාගිය රෝගියාට සමාජයේ පුද්ගලයන් නිරාවරණය වූයේද? යන්න සම්බන්ධව සොයා බලමින් සිටින බව ද ඒ මහතා කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීවේය.

‘‘ මේ රෝගියා කොළඹ මොන මොන තැන්වලට ගමන් කළාද? ඔහු කුමන පුද්ගලයන් ඇසුරු කළාද යන්න සම්බන්ධව අපි සොයමින් ඉන්නේ. යම් පුද්ගලයන් පිරිසකට ඔහු නිරාවරණය වුණා නම් ඒ අයව නිරෝධායනය සඳහා යොමු කරන්න පියවර ගන්නවා.

මේ රෝගියා සමාජයේ සැරිසැරීම ගැටලූවක්. මේ තත්ත්වය තුළ කොරෝනා අවදානමක් මේ සමාජය තුළින් මතුවෙලා තියෙනවා. දැන් ඔහු ගිය තැන්, ඇසුරු කරපු අය සොයා බැලීමයි කරන්නේ.

මේ රෝගියාට යම් අයකු නිරාවරණය වුණා නම් සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.’’

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!