කොරෝනා වෛරසය ආසාදිතව සිටියදී තොරතුරු වසන් කර රෝහල්ගත වූ රෝගීන් දෙදෙනකු නිසා දකුණු කොළඹ කළුබෝවිල මහ රෝහලේ පස්වැනි වාට්ටුව සහ මීගමුව දිස්ති‍්‍රක් රෝහලේ 20 වැනි වාට්ටුව මුළුමනින්ම වසා දැමීමට සිදු වී තිබේ.
තොරතුරු වසන් කර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු මෙම රෝගීන් දෙදෙනා අතරින් එක් අයකු පෙරේදා (30 වැනිදා) මරුමුවට පත්විය.
මියගිය එම රෝගියාට මීගමුව රෝහලේ කාර්ය මණ්ඩලයේ විසි දෙනකු පමණ නිරාවරණය වී ඇති බැවින් ඒ සියලූ දෙනා මීගමුව ප්‍රදේශයේම විශේෂ ස්ථානයකදී නිරෝධායනයට ලක් කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
වසා දමනු ලැබූ කළුබෝවිල රෝහලේ පස්වැනි වාට්ටුවේ රෝහල් කාර්ය මණ්ඩලයේ විසි දෙනකුද මේ වන විට නිරෝධායනය සදහා යොමු කර තිබේ.
කළුබෝවිල රෝහලේදී හදුනාගත් රෝගියා මේ වන විට ප්‍රතිකාර සදහා අයිඞීඑච් රෝහලට ඇතුළත් කර ඇත. ඔහු නේවාසික ප්‍රතිකාර ලබාගත් කළුබෝවිල රෝහලේ පස්වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 15 දෙනකු වහාම හෝමාගම රෝහලට මාරුකර යවා ඇත. මෙම රෝගියා දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයකු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාගේ පවුලේ සමීප ඥාතීන් දෙදෙනකු මෑතකදී ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති අතර ඔහු ඉකුත් 11 වැනිදා එම ඥාතීන් දෙදෙනාද ඇතුළු සමීපතමයන් සමග යාපනය ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ.
මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ඔහු මේ කිසිදු තොරතුරක් අනාවරණය නොකර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව සිටියදී එහි වෛද්‍යවරුන්ට ඇති වූ සැකයක් මත පසුව මීගමුව රෝහලට මාරු කර යවා ඇත.
මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහු ස්වසන ආබාධවලින් පෙළෙන රෝගියකු ලෙස එහි දැඩි සත්කාර ඒකකයක ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබේ.
තොරතුරු වසන් කළ මෙම රෝගීන් දෙදෙනා නිසා අදාළ රෝහල් දෙකේ වසා දමන ලද වාට්ටුවල සිටි සියලූ රෝගීන් නිරෝධායනයට යොමු කිරීමට ද සෞඛ්‍ය බලධාරීන් මේ වන විට පියවර ගෙන තිබේ.
මීගමුව රෝහලේදී මියගිය රෝගියාගේ පවුලේ සාමාජිකයන් සියලූ දෙනා නිරෝධායනයට ලක් කිරීමට ද මේ වන විට බලධාරීන් පියවර ගෙන ඇත.
සමන් ගමගේ
