ෆ්ලෑෂ්බැක් කණ්ඩායමේ නායක, ජනප්රිය ගායක රොෂාන් ප්රනාන්දුගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.
ඉතින් රොෂාන්ගේ උපන්දිනයට දයාන් විතාරණත් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සුබ පතා තිබුණා.
ඒ රොෂාන්ගේ මුල් කාලයේ ගත් ඡායාරූප කිහිපයක්ද සමගින්.
මේ එම සුභපැතුමයි.
රොෂාන්ට රශ්මියේ සිසිළස ගෙනෙන උපන් දිනක් ….ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ නායක ජනප්රිය ගායක රොෂාන් ප්රනාන්දු අද සිය උපන් දිනය සමරයි .ඔහුගේ ගීත වලට මා ඉතා ප්රිය කරන අතර ඒ අතරින් හේම නලින් කරුණාරත්න රචනා කළ ඔහු ගයන ගීතය මගේ ප්රියතම ගීයකි .මා ගායකයෙකු ලෙස දොරට වැඩි සමයේ ඔහුගේ ගීත ජනප්රිය වූ අතර එකල විවාහ මංගල උත්සව වලදී ඔහුව නිතරම මුණ ගැසෙයි .ඔහුගේ විවාහයේ දෙවැනි ගමන උත්සවයට ඔහු මට ආරාධනා කළ අතර ඔහු පවසා සිටියේ ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් මා ගන්නේ නම් ඔවුන් සතුටු වන බවයි .ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් මගේ කැමරා කාචයට හසු කර ගැනීමට මට හැකි වූ අතර අදටත් ඔවුන්ගේ මා සතු එකම ඡායාරූප පෙළ එයයි .එදින ගීත කිහිපයක්ද මා ගායනා කළ අතර අද ඔහුගේ උපන් දිනයේදී ඔහු හා බිරිඳ තිලිණිට එම ඡායාරූප මෙසේ තිළිණ කරමි .තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුව සමගින් ගීත ලොව ඔහුගේ සුමධුර ගායනයෙන් එකළු කරන්නට තව දුරටත් ඔහු සමත් වේවා …
