පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වැලිසර ප්‍රදේශයේ කළ වැටලීමකින්, හොරොයින් කිලෝ 225කි ග්‍රෑම් 969ක් සමග සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ හොරොයින් ජාවාරම සඳහා උපයෝගී කර ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් හා කැබ් රථයක් පොලිස් භාරයට ගත් බවයි.
මෙම වැටලීම සිදු කර ඇත්තේ පසු ගිය 13වනදා බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24,30,50 සහ 55 යන වයස්වන පසුවන වැලිසර හා හොමාගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (15) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.