ඇමරිකානු ඩොලරයට සහ ජපන් යෙන් මුදලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය වේගයෙන් පිරිහීම නිසා මෝටර් රථ මිල ගණන් සියයට 15 කින් පමණ ඉහළ ගොස් තිබෙන බව වාහන ආනයනකරුවෝ පවසති.
ඩොලරයේ හා යෙන්වල වටිනාකම ඉහළ යාම හේතුවෙන් මෙරටට ගෙන්වන රු. ලක්ෂ 35ට අඩු මෝටර් රථවල මිල ගණන් පවා මේ වන විට එම සීමාව ඉක්මවා යාම හේතුවෙන් සුඛෝපභෝගී බද්දට යටත්ව ඇති බව ද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා මාධ්‍යට පැවසීය.
2020 මාර්තු 20 වනදායින් පසු ජපන්යෙන් සහ ඇමරිකානු ඩොලරයේ අගය අධික ලෙස වැඩිවීමත් සමඟම මෙසේ සියලු වාහනවල මිල සියයට 10ත් 15 ත් අතර ගණනකින් වැඩි වී මෙතෙක් කල් සුඛෝපභෝගී බද්දට යටත් නොවූ, සාමාන්‍යයෙන් මධ්‍යම පාංතිකයන් අතර ප්‍රචලිත සී. සී
ධාරිතාව 1000 නොඉක්මවූ කුඩා වාහනවලට ද සුඛෝපභෝගී බද්ද ගෙවීමට සිදුව තියෙන බවද ඔහු කීවේය.
පවතින අයහපත් තත්ත්වය යටතේ ප්රදර්ශනාගාර මාසදෙකකට ආසන්න කාලයක් වසා දමා තිබෙන නිසා ඇඳිරි නීතිය පවතින කාලය සඳහා පමණක්වත් බැංකු ණය මත පනවා ඇති පොලිය ඉවත් කර දෙන මෙන් සංගමය රජයෙන් ඉල්ලා සිටියත් බැංකුවලින් ඊට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු බව ද ඔහු සදහන් කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත