තමන් සේවය කරන ආයතනයෙන් ණයට දුන් රුපියල් පනස් දහසක මුදලක් ලබා ගෙන ණයකරු විසින් ආපසු නොගෙවීම නිසා සිත්තැවුලට පත් යාපනයේ තරුණියක් 25 වැනිදා සියදිවි හානි කර ගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ තෙන්මරච්චි ප්රදේශයේ පදිංචිව සිටි විසි හැවිරිදි නන්දකුමාර් සතීෂා නමැති තරුණියකි.
ඇය මේ සම්බන්ධයෙන් ලිපියක් ලියා තබා සිය නිවසේ දී සියදිවි හානි කර ගෙන තිබේ.
පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.