විදේශගත වීමට පෙර සිප වැළඳ ගැනීමේ ආචාරය පුද කළ (සලාම්) අයකු නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ 6 දෙනකු සමග තවත් ආසාදිතයන් 13 දෙනකු ගම්පොළින් හමුව ඇති බව සෞඛ්‍ය අංශ ඊයේ (01 දා) පැවසීය.
මෙසේ ආසාදනයට ලක්ව ඇත්තේ ගම්පොළ නගරය ආශි‍්‍රත 13 දෙනෙකි. ඒ අතුරින් ඉල්ලවතුර ප්‍රදේශයේ 9 දෙනකුත් කහටපිටිය ඉලංගවත්ත ප්‍රදේශයේ එක් අයකු හා මහර හා ගම්පොළ වත්ත ප්‍රදේශයෙන් තිදෙනකුත් ලෙසය.
මේ වනවිට ඉල්ලවතුර ප්‍රදේශයේ පමණක් ආසාදිතයන් 18 දෙනකු හමු වී ඇති අතර ඒ විදේශගත වීමට ගිය අයකු හා කුකුළු මස් කඩ ආශි‍්‍රතයන් ලෙසය.
ඉල්ලවතුර ප්‍රදේශයේ සිට මෙසේ විදේශගත වීමට ගිය තරුණයාට කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයකු බව හඳුනා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ ඔහුගේ ආශි‍්‍රතයන් නිරෝධායනයට ලක් කර සිදු කළ පරීක්ෂාවේදී මොවුන් හමුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
