මුලතිව්,මාන්කුලම,අබ්බකාමම් ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් හා යුධ හමුදා නිළධාරීන් අතර ඊයේ(06) රාත්‍රියේ ගැටුමක් ඇතිවී තිබෙන බවට වාර්තා වෙනවා.
මුලතිව් ආරක්ෂක අංශ පවසන්නනේ අම්බකාමම් මාම්මිල් ගණදෙවි කෝවිල මාර්ගයේදී රාත්‍රියේ වැලි පැටවු පිරිසක් අත්අඩංගුවට ගන්න හදනකොට මේ ගැටුම ඇතිවූ බවයි.
යුධ හමුදා නිළධාරීන් අදාළ පිරිස ටිපර් රථයකින් පළායාමට උත්සහ කිරීමේදී සැකකරුවන් අල්ලාගැනීමට උත්සහකොට ඇති අතර, එහිදි තිදෙනෙකු පළාගොස් සැකකරුවන්ගෙන් අයෙක් අල්ලාගෙන ඇති බවද ආරක්ෂක අංශ වාර්තා කරනවා.
ප්‍රදේශවාසීන් පැවසූවේ යුධ හමුදාව, අල්ලාගත් පුද්ගලයාට පහරදි තුවාල සිදුකොට ඇති බවත් , අදාළ පහරකෑමට ලක්වු පුද්ගලයා මාන්කුලම රෝහලට ඇතුළත් කළ බවත් ය.
මේ සිද්ධියට සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවට වාර්තා වෙනවා.