මන්නාරමෙන් තවත් රෝගීන් සිව්දෙනෙක්
යාපනය දිස්ත‍්‍රික්කයේ විවිධ පළාත්වලින් පෙරේදා (13 දා) සවස් වන විට කොරෝනා රෝගීන් 9 දෙනකු හමු වී ඇති බව යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ පී. සත්‍යමූර්ති වෛද්‍යවරයා පැවසීය.
යාපනයේ පළාත් කීපයක වැසියන් 128 දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ සඳහා රැගෙන විත් ඇති අතර ඔවුන්ගේ පරීක්ෂණ වාර්තාවලට අනුව ඔවුන් කොරෝනා ආසාධිතයින් බවට පත්ව ඇති බවද ඔහු පැවසීය.
යාපනයෙන් හමු වූ කොරෝනා රෝගීන් 9 දෙනාම යාපනයේ විවිධ ස්ථාන වල නිරෝධායනයට ලක් කළ පිරිස් වන අතර යාපනයේ ප‍්‍රධාන නිරෝධායන මධ්‍යස්ථානවලට අමතරව තවත් ස්ථාන 23 ක කොරෝනා ආසාධිතයින් ඇසුරු කළ හා සැකයට භාජනය වූ පුද්ගලයින් 178 ක් පමණ නිරෝධානයට ලක් කොට තිබේ.
මේ අතර මන්නාරම දිස්ත‍්‍රික්කයෙන් කලින් හමු වූ කොරෝනා රෝගීන් හය දෙනාට අමතරව තවත් රෝගීන් 4 ක් අලූතින් හමු වී ඇති අතර ඔවුන්ද මන්නාරමේ දේවස්ථානයක හා වෙනත් ස්ථාන වල සේවය කිරීමට පැමිණි සේවකයන් බව අනාවරණය වී තිබේ.