Gossip

“මෝගන් අයියගේ දුවයි තව පොඩි එක්කෙනෙකුයි මුහුදේ ගිලෙනවා දැක්කා. මාවත් එකපාරම ගිලුණා.” – ප්‍රීතිපුර මුහුදේදී අවසන් ගමන් ගිය සිව් දෙනා ගැන දිවිබේරාගත් සංජීව හෙළි කළ කතාව – Photos

වැඩිහිටියන්ගේ වගකීමකින් තොර නොසැලකිලිමත්කම නිසාම, වයස අවුරුදු 14, 16 පසුවන බාලවයස්කාර දරුවන් දෙදෙනකු 19, වියැති නව යොවුන් තරුණියක් සහ 30 හැවිරදි පිරිමි පුද්ගලයකු ඇතුළු 4 දෙනකු අවාසනාවන්ත ලෙස මුහුදේ ගිලී අකල් මරණයකට ගොදුරු වී තිබෙන බව සාක්‍ෂිවලින් පැහැදිලි වෙනවා.
මේ දිනවල මුහුදේ පවතින දැඩි රළු ගතිය පිළිබඳව ජනතාව දැනුවත් කරමින්, රූපවාහිනිය, ගුවන්විදුලිය මෙන්ම පුවත්පත්ද නිරතුරුව මෙහි අවදානම ගැන පෙන්වා දෙමින් සිටියදී මුහුදේ දිය නෑමට යෑමෙන් මෙම කනගාටුදායක ඉරණමට මොවුන් ගොදුරු වීම සැබැවින්ම කනගාටුවට කරුණකි.
මුහුදු වෙරළේ සතුටු වී මුහුදෙන් දිය නාගෙන ආපසු තම නිවෙස්වලට යෑමේ අදහසින් පැමිණෙන ජනතාව, මෙහිදී ආරක්‍ෂා කිරීම අදාළ ප‍්‍රදේශයේ වගකිව යුතු අංශවල බලධාරීන්ගේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වන බව අවධාරණය කරන අතරම, මෙහි පැමිණෙන කිසිවෙක් මරණය බලාගෙන මෙම වෙරළට නොපැමිණිනෙන නිසා, ඔවුන්ගේ ජීවිතවල ආරක්‍ෂාව පිළිබඳව පමා නොවී විධිමත් වැඩපිළිවෙළක් යෙදිය යුතුයි.
රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක සාමවිනිසුරු එම්. ප‍්‍රියකර ලාල් මහතා සඳහන් කළේ ඉකුත් 20 වැනිදා (සෙනසුරාදා) සවස හැඳල ප‍්‍රීතිපුර මුහුදු වෙරළ තීරයේ දික් ඕවිට සුසාන භූමිය ආසන්නයේ මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව මුහුදේ ගිලී මියගිය 4 දෙනාගේ හදිසි මරණ පිළිබඳව 21 වැනිදා (ඉරිදා) දහවල් පැවැති පශ්චාත් හදිසි මරණ පරීක්‍ෂණ සාක්‍ෂි විභාගයේදී එහි පැමිණ සිටි තරුණ සහ වැඩිහිටි අය අමතමිනි.
මෙලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ කඳාන කන්දෙවත්තේ රජයේ ඉඩමේ විසූ ‘‘ශෂි කුමාර් සඳරුවන්’’ (14) උස්වැටකෙයියාව ජයසූරියගම විසූ ‘‘තරුෂි ප‍්‍රනාන්දු (16) උස්වැටකෙයියාව ජයසූරියගම විසූ ‘‘සිවානි සුලෝචනි’’ (19) සහ හාලිඇල, ගල්ගොඩ පහල උඩකෝවිල විසූ ‘‘සංජීව ප‍්‍රියදර්ශන’’ නමැති 30 හැවිරිදි කාර්මිකයෙකි.
වත්තල පොලිසියේ පො. සැ. (51399) එච්. එම්. එස්. උපසේන’’ මහතාගේ මෙහෙයවීම මත මියගිය අයවලූන් සම`ග මුහුදේ නෑමට ගිය පනාගොඩගේ දුලාන් අනූෂ ප‍්‍රනාන්දු (25) මහතා මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දෙමින්.
20 වැනිදා උදෑසන 8 ට පමණ අපි මැෂින් එකක් සවි කිරීමට ‘‘අරංගලින්’’ උස්වැටකෙයියාව බලා පිටත්වුණා.
ඒ යද්දි කෑමත් අරගෙන ගියේ. යද්දි හිරාන් මාමලාගේ ගෙදරටත් ගිහින් එහිදී කෑම කාලා හිරාන් මාමාත් එක්ක ගමන පිටත් වුණා. අපි ගෙනගිය සබන් හදන මැෂිම නියමිත ස්ථානයට ගෙන ගොස් එය බිමට බාලා ‘‘කිරුලා’’ (සංජීව) වැඩ පටන් ගත්තා. ඒ අතරතුර මෝගන් අයියා ‘‘රා’’ බෝතල් 2 ක් ගෙනාවා.
ඒ ‘‘රා’’ මමයි, අයියයි, තාත්තයි, හිරාන් අයියයි, මෝගන් අයියයි බිව්වා.
කිරුලා (සංජීව) ‘‘රා’’ බිව්වෙ නැහැ. මැෂින් එක උස්සලා සවිකළා. කිරුලා (සංජීව) ඒකට උදව් කළා.
පසුව කිරුලා (සංජීව) රා බිව්වා. පසුව අරක්කු බෝතලයකුත් ගෙන ආවා. මෝගන් අයියාගේ දුවලා දෙන්නයි ඉස්සරහා ගෙදර (ළමයිනුත් අපි ආව ලොරියේ වාඩිවෙලා අපිට විහිළු කර කර සිටියා. ඒ අතර නංගිලා දෙන්න කතා වුණා ‘‘මුහුදට යමු’’ කියලා. එයාලාගේ නෑදෑයෝ කට්ටියක් මුහුදේ නානවා එතැනට එන්න කියලා කිව්වා කියලා කිව්වා.
වැඩි දුරටත් සාක්‍ෂි දුන් සාක්‍ෂිකරු කිරුලයි මමයි නංගිලා සම`ග ෆොටෝ ගත්තා. සිගරට් එකක් පත්තු කරන්න අපි දෙදෙනා ලොරිය පැත්තට ගියා. අපි ආපසු එනවිට නංගිලා දෙන්නා මුහුදේ නනා හිටියා. අපි දෙන්නත් නාන්න ගියා. අපි විනාඩි 25 ක් විතර නෑවා. එතැන තව සීයක් විතර හිටියා. ටික වෙලාවකින්
මෝගන් අයියාගේ දුවයි තව පොඩි අයෙකුයි මුහුදේ ගිලෙනවා දැක්කා. මාවත් එකවරම ගිලූණා.
මම උඩට එන්න ද`ගලද්දි කිරුලා මාව ඇදලා ගත්තා. මට වමනය ගියා. අපිත් එක්ක ආව නංගී කෙනෙක් අපිට අඩි 6 ක් විතර දුරකදී ගිලෙනවා මම දැක්කා. මමයි අයියයි, කිරුලයි එතැන සිටි තව දෙතුන් දෙනකු සම`ග එකට අත්වැල් අල්ලාගෙන ගිලෙමින් සිටි නංගීව ගොඩට ගත්තා. තව නංගිලා තුන්දෙනෙක් සහ පොඩි මල්ලියෙක්ව ඒ වන විට මුහුදේ ටිකක් දුරට ගහගෙන ගිහින් තිබුණා. කිරුලා යන්න හදද්දි මුහුද සැර නිසා මම ඔහුව වැළැක්වුවා. මේ වන විට මුහුද සැරවී තිබුණා. මම කිරුලව අල්ලාගෙන සිටියත් මගේ මුහුණ බලලා අතගසා දාලා කිරුලා මුහුදට පැන්නා. අපි කෑගැහුවා එතැන සිටි අය අපිට කිව්වා ‘‘නේවි’’ කෑම්ප් එකට
ගිහින් කියන්න කියලා. මම තව අංකල් කෙනෙක් එක්ක දුවලා ගිහින් නේවි කෑම්ප් එකට කිව්වා. ඒ අය බයික්වලින් එතැනට ගියා. අපි එතැනට යනවිට ගමේ අය පාරුවක් වගේ එකකින් මුහුදට යන්න ගියත් රළ පහරට ඒ පාරුව ආපසු ආවා. දෙන්නෙක් හබල් දෙකක් අරගෙන අර පාරුවෙන් මුහුදට ගිහින් නංගිලා තුන් දෙනෙක්ව ගොඩට ගෙනාවා.
ඒ අයට ප‍්‍රථමාධාර දිදී රාගම රෝහලට අපි ගිය ලොරියෙන් ගෙන ගියා ‘‘නේවි’’ බෝට්ටුවකින් අපේ අනිත් අයව ගොඩට ගෙනත් ත‍්‍රීවිලරයකින් රෝහලට ගෙනගියා. පොඩි මල්ලි කෙනෙක් අතුරුදන්ව සිටියා. ඔහුගේ සිරුර එදින මධ්‍යම රාත‍්‍රියේ වෙරළට ගොඩ ගසා තිබුණා.
මෙහි පශ්චාත් අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ 21 වැනිදා, රාගම උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරුන් වන වෛද්‍ය ‘‘සමන් ගම්මන්පිල’’ මහතා පරීක්‍ෂණ දෙකක්ද වෛද්‍ය ඒ. එම්. එම්. ඒ. සී. ගුණතිලක සහ වෛද්‍ය එම්. එස්. දිනෙත් යන මහත්වරු එක මරණ පරීක්‍ෂණය බැගින් ද සිදුකර මුහුදේ ගිලීම නිසා හුස්ම හිරවී සිදු වී ඇති මරණ බවට සිය පශ්චාත් අධිකරණ වාර්තා මගින් නිගමනය කර තිබුණි. ඒ අනුව මෙය මුහුදේ ගිලී සිදු වී ඇති හදිසි මරණ 4 ක් බවට හදිසි මරණ පරීක්‍ෂක ප‍්‍රියංකර ලාල් මහතා විසින් සිය තීන්දුව ප‍්‍රකාශ කරන ලදී.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!