Gossip

මොළයේ තඹ තැන්පත් වෙලා… ”රෝගය ජනගහනයෙන් දශ ලක්‍ෂයකින් එක් අයකුට වැළඳෙන අති දුර්ලභ රෝගයක්”

මොළයේ තඹ තැන්පත්වීමේ රෝගය ජනගහනයෙන් දශ ලක්‍ෂයකින් එක් අයකුට වැළඳෙන අති දුර්ලභ රෝගයකි. පෙර අත්භවවලදී සිදුවූ කිසි යම් හේතුවක බලපෑමක් දැයි අප සිතුව ද වෛද්‍ය විද්‍යාවට අනුව ජානමය බලපෑමක් මීට බලපා ඇත.

ගලේවෙල වහකෝට්ටේ පළාපත්වල 14 හැවිරිදි නිමේෂ් චාමල් මෙම රෝගයට වයස අවුරුදු 11 දී ගොදුරුවී සිටින බව හඳුනාගෙන ඇත. වසර තුනක් ප‍්‍රතිකාර ලබන ඔහු පැවැති කොරෝනා ව්‍යවසනයත් සමග ඖෂධ හිඟයෙන් අසරණවී සිටියි. පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරණායක විශේෂ ළමා රෝහලෙන් ප‍්‍රතිකාර ලබන චාමල්ට ළමා ස්නායු විශේෂඥ වෛද්‍ය ජගත් මුණසිංහ මහතා විසින් ප‍්‍රතිකාර කරනු ලබයි. රෝහලේ සායනයෙන් ඖෂධ කීපයක් ලබා දෙන අතර රෝහලේ නැති ඖෂධයක් පිටතින් ලබා ගැනීමට සිදුව ඇත. එම ඖෂධය කොරෝනා ව්‍යවසනය නිසා ආනයනය නොකරන බව පැවසෙයි.

චාමල්ගේ දස හැවිරිදි නිමේෂාණී චතුරාණී නැඟණිය ද මෙම රෝගී ලක්‍ෂණ පෙන්වන බව කරන ලද මූලික පරීක්‍ෂණවලදී තහවුරු කරගෙන ඇත. මාස පහක් වයසැති නිම්සර චමත් පවුලේ බාලයායි. චමත් පුතුගේ ගෙල ප‍්‍රදේශයේ සැත්කමක් කළයුතු බව වෛද්‍ය මතයයි.

වෘත්තියෙන් පෙදරේරුවකුවන මෙම දරුවන්ගේ පියාට දරු තිදෙනාගේ වෛද්‍ය පරීක්‍ෂණ වෙනුවෙන් පිටතින් ලබාගත යුතු ඖෂධ, පිටතින් කළයුතු රුධිර පරීක්‍ෂණ කිරීමට වත්කමක් නැත. පරීක්‍ෂණ සඳහා දරුවන් පේරාදෙණිය ළමා රෝහලට මාසිකව වාහනවලින් රැගෙන යෑමට තරම් වත්කමක් ද නැත. දරු තිදෙනා ජීවත් කිරීමට මෙම යුවළගේ ඇති දහසක් අපේක්‍ෂාවන් පළ ගැන්වීමට පින්වත් ඔබගේ දායකත්වය ඔවූහු බලාපොරොත්තු වෙති.

එම්.එම්.චමිලා, අංක 28, පළාපත්වල, වහකෝට්ටේ යන ලිපිනයෙන් හෝ දුරකථන අංක 0775421076 ඔස්සේ තොරතුරු විමසිය හැකිය. ආධාර ගලේවෙල මහජන බැංකුවේ ගිණුම් අංකය 115-2-001-5-0034505 වෙත බැර කරන ලෙස ද කාරුණික ඉල්ලීමක් කෙරේ.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!