Gossip

මේ මොනවාද මේ?

බලපු බැල්මට පේන්නේ නම් සාමාන්‍ය නගරයක් වගේ තමයි පේන්නේ. හැබැයි ටිකක් විතර මේ දිහා බලාගෙන හිටියොත් මේ එළවළු ගොඩ අස්සේ ගෑණු කෙනෙක් ඉන්නවා ව‍ගේත් පේනවා. ඇත්තටම කිව්වොත් චිත්‍රයක් වගේ පේන විදිහට ගෑණු කෙනෙක්ව හැඩ කරලා අරන් තියෙන්නේ “කැරොලින් රොපර්” කියන චිත්‍ර ශිල්පිණියයි.

ලෝකේ මොන තරම් හැකියාවන් තියෙන අය ඉන්නවාද කියලා මේක බලපු ඕන කෙනෙකුට හිතෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. මේ හැම තැනම ඉන්නේ කැරොලින්ගේ සායමින් නිර්මාණය වුණු අයම තමයි.

පළවෙනි දෙවෙන වගේම තුන්වෙනි පින්තූරවල ඉන්නේ එළවළු ගොඩ අස්සේ හැංගිලා ඉන්න ගෑණු කෙනෙක්නේ. හතරවෙනි හා පස්වෙනි පින්තූරවල කැබ් එකක් ඉස්සරහ ගෑණු කෙනෙක් ඉන්නවා. අන්තිම පින්තූරයේ ඉන්නේ එංගලන්තයේ බස් එකක වාඩිවෙලා ඉන්න ගෑණු කෙනෙක්.

මේවා මොනවද, ඇයි මෙහෙම කරන්නේ කියලානම් දන්නේ නෑ. කොහොම වුණත් මේවා කැරොලින් ටීවී චැනල් ගෙනල්ලා ඒවා ඉස්සරහා තමයි පෙන්නුවේ. ප්‍රදර්ශනයට වගේ පෙන්නුවට මේවා ලස්සනයි කියන්නත් බෑ. හැබැයි හරි අමුතුයි.

අමුතු පුවත් කියලා කියන්නේ නිකම්ම නෙමෙයිනේ. ඉතින් මේ අමුතු පුවතත් අපිට හම්බවුණ ගමන් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ ඒ නිසයි. ලස්සනයි නොකිව්ව මේ චිත්‍රවලට මොනවද කියන්න ඕන කියලා ඔයාලාම තීරණය කරන්න.

1 Comment

1 Comment

  1. chathu

    October 23, 2012 at 2:48 pm

    wow nice surprise

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!