Gossip

මෙහෙම ගියොත් ලංකාව දිළිඳුකමේ පතුලටම – ලෝක බැංකුව

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල් කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිදුවිය හැකි ආර්ථික කඩාවැටීම් හමුවේ ‘දරිද්‍රතාවයේ වේදනාව’ අත්විඳීමට ඉඩ ඇති බවට ලෝක බැංකුව අනතුරු අඟවයි.

මෙම කලාපයේ මිලියන 24 ක ජනතාවක් මේ වන විටත් වසංගතය හේතුවෙන් දරිද්‍රතාවයේ පතුළටම ඇදවැටී ඇතැයිද ලෝක බැංකුව පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (31 වැනිදා) දිනයේ දී ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ කලාපයේ ආර්ථික මට්ටම තවදුරටත් අර්බුදයට ලක් වුවහොත් තවත් මිලියන 11 ක ජනතාවක් මේ වසර ඇතුළත (2020) ‘දිළිඳු බවේ සීමාවෙන්’ පහතට ඇද වැටෙනු ඇති බවයි.

එසේම 2019 වර්ෂයේදී 5.8% ක සීමාවේ පැවති කලාපයේ ආර්ථික වර්ධන වේගය මෙම වසරේදී 2.1% දක්වා පහත වැටී ඇති බවත් එය ඉදිරි මාස 03 දී තවත් 0.5% කින් පමණ පහත වැටෙනු ඇතැයි ද අපේක්ෂා කරන බව එම නිවේදනයෙන් ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත් මින් පෙර නොවූ ආකාරයේ කැපවීමකින් සහ වේගයකින් කලාපයේ රටවල් කටයුතු කළහොත් මෙම අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමේ අවස්ථාව පවතින බවද එම නිවේදනයට අත්සන් තබා ඇති උප සභාපති වික්ටෝරියා ක්වාක්වා ලෝක බැංකුව වෙනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!