Gossip

මෙවර උසස් පෙළ විභාගයේ දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසුන් මෙන්න – Photos

උසස් පෙළ විභාග ප්‍රතිඵලවලට අදාළව එක් එක් විෂය ධාරාවන් අනුව දිවයිනේ ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ කලනී සමුදා රාජපක්ෂ හිමිකර ගෙන ඇති අතර කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ රවිඳු ශෂික ඉලන්ගම්ගේ දෙවන ස්ථානයත් මාතලේ සහිරා විද්‍යාලයේ මුහම්මද් රිස්මී මුහම්මද් හකීම් කරීම් විසින් හිමිකරගෙන තිබෙනවා.
භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ චතුනි හන්සනී වසන්තා විජේගුණවර්ධන විසින් ලබාගෙන ඇති අතර දෙවන ස්ථානය ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ චාමිඳු සුරාන් ලියනගේ විසින් ද තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ තෙවිඳු ජනිත් විජේසේකර විසින් ද හිමිකර ගැනීමට සමත් වුණා.
කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ කසුන් ඉඳුරංග වික්‍රමරත්න වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.
එම අංශයේ දෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ උවිනි අයත්මා රණවීරටත් තෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ මලිති ජයරත්නත් හිමිකර ගෙන තිබේ.
කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙනාදි දම්යා ද අල්විස් විසින්.
දෙවන ස්ථානය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සිත්මි නිමාෂි එදිරිසිංහට හිමිව තිබෙනවා.
මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ඉෂානි උමේෂා කුමාරි එම අංශයේ තෙවන ස්ථානයට පත් වුණා.
ඉංජිනේරු තාක්ෂණ අංශයේ  ප්‍රථම ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ පමුදිත යසස් පතිරත්න හිමිකරගෙන ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලයේම තරිඳු හේෂාන් දෙවන ස්ථානයත් නිකවැරටිය මහසෙන් ජාතික පැසලේ සෙෂාන් රංගන විජේකෝන් තෙවන ස්ථානයත් හිමි කර ගෙන තිබෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!