කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.
ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්.
හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළා.
වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.
