මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1801ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ, ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් සිව්දෙනෙකු හදුනා ගැනීමත් සමගය.
එම සිව් දෙනාගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු පුද්ගලයින් දෙදෙනා නාවික හමුදා සාමාජිකයින් ය.
මේ වන විට පුද්ගලයින් 858 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, තවත් පුද්ගලයින් 931 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මේ වන විට කොරෝනා ආසාදිත මරණ 11 ක් මෙරටින් වාර්තා වී තිබේ.
