ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු විස්සයි විස්ස තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ අත්හැර දැමුණා.
තරගය අත්හැර දැමීමට ප්රධානතම හේතුව වූයේ ආවරණවලට යටින් වැහිදිය තණතීරුවට කාන්දුවීමයි.
මෙම සිදුවීම ගැන අදහස් දැක්වූ රූපවාහිනී විචාරකයෙකු වන ඉන්දීය පිලේ හිටපු ආරම්භක පිතිකරු ආකාශ් චොප්රා පැවසුවේ මෙය පාසල් දරුවෙකුගේ මට්ටමේ අතපසුවීමක් බවයි.
වෘත්තීය මට්ටමේ ත්ත්වයකදී තණතීරු ආවරණවලට යටින් මෙලෙස වැසිදිය කාන්දු වීම කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
ශ්රී ලංකව සහ ඉන්දියාව අතර පැවැත්වෙන මී ළඟ තරගය හෙට (07) පැවැත්වීමට නියමිතයි.
