Gossip

මෙක්සිකෝ මාධ්‍යවේදිනිය ඝාතනයේ මහ මොළකරු පනස් වසරක් හිරේ

මෙක්සිකෝවේ මාධ්‍යවේදිනියක ඝාතනය සඳහා අණදීම සම්බන්ධයෙන් එරට අධිකරණය මගින් කල්ලි නායකයකුට පනස් වසරක සිර දඬුවම් නියම කර තිබේ.

මිරෝස්ලාවා බ්‍රෙච් නමැති මෙම සුප‍්‍රකට මාධ්‍යවේදිනිය 2017 වසරේ මාර්තු 23 වන දින ඇගේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී ඇයට අට වරක් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඒ මොහොතේ තම 14 හැවිරිදි පුතු පාසලට ඇරලවන්නට ඇය යමින් සිටියාය. ඒ අවස්ථාවේ වාහනයේ සිටි ඇගේ පුත් තුවාල නොලබා දිවි ගලවා ගත්තේය.

එම වසරේ මෙක්සිකෝවේදී මාධ්‍යවේදීන් 11 දෙනෙකු ඝාතනය කරන ලදී. එවකට 54 වන වියෙහි පසු වූ මිරෝස්ලාවා බ්‍රෙච් මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය, අපරාධ හා දූෂණ වංචා ගැන මාධ්‍ය මගින් හෙළිදරව් කළාය.

ඇයට වෙඩි තැබූ ඝාතකයා පසුව දිවි නසා ගන්නා ලද අතර පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වූයේ ඝාතනයේ සැලසුම්කරු වූයේ ජුවාන් කාර්ලොස් මොරීනෝ නමැත්තා බවයි.ඒ අනුව පවත්වන ලද නඩු විභාගයේදී ඝාතන චෝදනාවලට අමතරව අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට එරෙහි අපරාධ චෝදනාව ද ඔහුට එරෙහිව නගා තිබූ අතර පනස් වසරක සිර දඬුවම් හිමි වූයේ ඒ අනුවය.

2020 වසරේ ද මේ වන විට මෙක්සිකෝවේදී මාධ්‍යවේදීන් සිවු දෙනෙකු ඝාතනය වී තිබේ. එරට මාධ්‍යවේදීන්ට සිදුවන හිරිහැර හෝ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් වන සිද්ධීන්වලින් සියයට අනූවක්ම නොවිසඳුණු අපරාධ ලෙස පොලිස් වාර්තා පොතට එක්වේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!