ලොවපුරා දිනෙන් දින අලුත්වන තාක්ෂණික ලොව මෙවලම් ගැන කතා කරද්දී අන්තර්ජාලයට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ වගේම තමයි අන්තර්ජාලය ගැන කතා කළොත්, ඉතින් ගූගල් සමාගමට හිමිවන්නෙත් ලොව ඉහළම ස්ථානයක්. ශ්‍රී ලංකාව වගේ රටක් ගූගල් සමාගම සමග අන්තර්ජාලයත් එක්ක ගනුදෙනු කරන්න පටන්ගෙන කලක් ගත වුණත් අන්තර්ජාලයේ සැබෑම ප්‍රතිඵල නෙළාගන්න අපේ මේ පුංචි රටේ කීයෙන් කීදෙනාට ද හැකිවෙලා තියෙන්නේ.
ඒ අඩුව පුරවන්නත් එක්ක අද ශ්‍රී ලංකා ආණ්ඩුව ගූගල් ලූන් (Google Loon) නමින් හැඳින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් මෙරටට හඳුන්වා දීම සඳහා ගිවිසුමකට අත්සන් තැබුවා. මෙම සුවිශේෂි ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු ලෙස සැලකෙන චමත් පිළහාපිටිය මහතායි. ඒ අනුව අද උදෑසන අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ එජාපයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මෙම ගිවිසුමට අත්සන් තැබීමට මුල් වුණා.
මෙම ව්‍යාපෘතියේ සුවිශේෂත්ව වන්නේ අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම 3G අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගැනීමට හැකිවීමයි. මෙම ඉහළට යවන ලබන බැලුන් ලංකාවේ සිටින දුරකථන සමාගම් වල තරංග සම්ප්‍රේෂණය කිරීම සඳහා ලබාදීමටත් එමගින් ලංකාව පුරාවට අන්තර්ජාල පහසුකම් අඩු මුදලක් යටතේ ලබාදීමටත් සැලසුම වී තිබෙනවා. මෙම අවස්ථාවට හර්ෂ ද සිල්වා, රුවන් විජේවර්ධන, එරාන් වික්‍රමරත්න යන පිරිස්ද එක්ව තිබුණි.
