අම්පාර, පොතුවිල්, මුහුදු මහා විහාරයට අදාළ භූමිය සම්බන්ධයෙන් මැනුම් කටයුතු ආරම්භ කරන බව මැනුම්පතිනි එල්.ආර්.එස්.සී. පෙරේරා පවසයි.
ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම 27 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසු මෙම මැනුම් කටයුතු සිදුකෙරේ.
පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරා විද්‍යා භූමියේ මායිම් සම්බන්ධව මැනුම්පතිනිය සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක අතර සාකච්ඡාවක් ඊයේ (20 වැනිදා) පෙරවරුවේදී පැවැත්විණි.
පුරාවිද්‍යා භූමියේ මායිම් සම්බන්ධ තොරතුරු රැසක් මෙහිදී ලබාගත් බවද මැනුම්පතිනිය කීවාය.
විහාර භූමියේ මායිම් සම්බන්ධව විහාරාධිපති හිමියන්,අම්පාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු පාර්ශ්ව කීපයක් සමග 27 වැනිදා සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
පොතුවිල් මුහුදු මහා විහාරයීය පුරා විද්‍යා භූමිය සහ වෙරළ කලාපය විවිධ පාර්ශ්ව විසින් අනවසරයෙන් අල්ලා ගෙන තිබිණි.
එම තත්ත්වය වළක්වාලීම සඳහා මුහුදු මහා විහාරයට ආරක්ෂාව ලබා දීමටත්, පුරාවිද්‍යා භූමිය මැනුම්ගත කර යළි ගැසට් කිරීමටත් රජය තීරණය කරන ලදී.
