Gossip

මුඛ ආවරණ පළඳින්න – විනිසුරුගෙන් ජනාධිපතිට නියෝග

එළිමහනේදී මුඛ ආවරණ පළඳින්නැයි බ්‍රසීලයේ ෆෙඩරල් විනිසුරුවරයකු එරට ජනාධිපති ජාර් බොල්සනාරෝට නියෝග කර තිබෙනවා.

ඒ අනුව බ්‍රසීලයේ අගනුවර එහා මෙහා යද්දි, පොදු ස්ථානවල ගැවසෙද්දි මුඛ ආවරණ පළඳින්නැයි එම විනිසුරුවරයා, ජනාධිපතිවරයාට නියෝග කර ඇත.

බ්‍රසීලයේ බ්‍රසිලියා අගනුවර අයත්වන පරිපාලන ප්‍රදේශයේ නීතිරීතිවලට අනුව එසේ මුඛ ආවරණ පළඳින්නැයි නියෝග කර ඇත්තේ විනිසුරු හෙනාටෝ කොඑලෝ බොරෙලි ය.

‘‘ජාතික ව්‍යවසනයක් ඇති ව තිබෙනවා. ජනාධිපතිවරයා වගකීම් විරහිතව හැසිරෙනවා. ඔහුගෙන් අනෙක් අයටත් වයිරසය බෝ වෙන්න පුළුවන්’’ යැයි නියෝගය දෙමින් විනිසුරුවරයා කීය.

බ්‍රසීල ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව මහජන ඒකරාශීවීම්වලට සහ පොදු ඉසව්වලට සහභාගී වන අයුරු පසුගිය සති අන්තයේදී දක්නට ලැබිණි.

ජනාධිපතිවරයා පසුගිය දින කිහිපයේදී ආහාර මුඛ ආවරණ නොමැතිව ආහාර වෙළෙඳපොළවලට ගමන් කරන අයුරුද රටේ කොංග්‍රසයටත් ශ්‍රේෂ්ඨාධිකරණයටත් විරුද්ධව පැවැත්වෙන විරෝධතාවලට එක්වන අයුරුත් පසුගිය දිනවල දක්නට ලැබිණි.

නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළැඳීම අනිවාර්ය යැයි බ්‍රසීල ෆෙඩරල් දිස්ත්‍රික් අධිකරණය නියෝග කර තිබුණා.

එම නියෝගය කඩ කරන ඕනෑම අයකුට ඇමෙරිකානු ඩොලර් 390 (ශ්‍රී ලංකා රුපියල් 72,822කට අධික මුදලක්) ගෙවීමට සිදුවනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!