අප‍්‍රිකානු මහාද්වීපය මීලගට කොරෝනා වසංගතයට භයානක ලෙස ගොදුරුවීමට ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවා තිබේ.
මේ වන විට අප‍්‍රිකානු මහද්වීපයෙන් කොරෝනා රෝගීන් විසි දහසක් පමණ වාර්තාවී ඇති අතර මරණ දහසක් සිදුවී තිබේ.
එය පසුගිය සතියේදී ශීග‍්‍ර ඉහළයාමක් පෙන්නුම්කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප‍්‍රිකානු රටවල් සතුව මීට මුහුණ දීමට තරම් සෞඛ්‍ය පහසුකම් හෝ ස්වසන යන්ත‍්‍ර නොමැති බවයි.
මේ වන විට දකුණු අප‍්‍රිකාව ,නයිජීරියාව, අයිවරි කෝස්ට් ,කැමරූන් හා ඝානාව ඇදී අප‍්‍රිකානු රටවල ප‍්‍රධාන නගර වලට අමතරව ග‍්‍රාමීය ප‍්‍රදේශවලට පවා රෝගය පැතිර යමින් පවතී. මේ නිසා රෝගය පැතිරයාම නැවත්වීම හැර වෙනත් විසඳුමක් අප‍්‍රිකානු රටවලට නොමැති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී
