මිනුවන්ගොඩ පොලීසියේ ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාටත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයෙක් බවත් ඔහුද කොවිඩ් -19 ආසාදිතයෙක් බවත්ය.
මේ වන විට ආපනශාලාව කොන්ත්‍රාත් පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයාගේ අශ්‍රිතයින් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.
“එම පුද්ගලයින් නිරෝධායනයට යැවීමටත් PCR පරීක්ෂණ කිරීමට අවශ්‍ය පියවර අරන් තිබෙන්නේ,” යනුවෙන් ද අජිත් රෝහණ මහතා පැවසීය.