මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුරෙන් මතුවූ මෙරට දෙවැනි කොරෝනා වසංගත රැල්ල හමුවේ ඊයේ (09 වැනිදා) වන විට මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප‍්‍රදේශවල පුද්ගලයන් හය දහසකටත් අධික පිරිසක් සිය නිවාසවල ස්වයං නිරෝධායනයට ලක් කර සිටින බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය සදහන් කරනවා.
එම පිරිසට අමතර බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයන් සහ ආසාදිතයන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් විශාල පිරිසක් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන ඇතුළු තෝරාගත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට යුද හමුදාව කටයුතු කර ඇත.
ඒ අනුව ඊයේ වන විට මෙරට තුළ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් නිරෝධායනයට ලක් කර සිටින පිරිස 8000 ක් පමණ වන බවද පැවසේ. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයන් දහසය දෙනකු ඊයේ වාර්තා වූ අතර එම රැුල්ලේ බලපෑම ඊයේ (සිකුරාදා) පෙරවරුව වන විට කටුනායක ආයෝජන කලාපයටද ව්‍යාප්ත වී තිබිණි.
කටුනායක ආයෝජන කලාපයේ ඇ`ගලූම් කර්මාන්ත ශාලාවක සේවය කළ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවීමෙන් ඒ බව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් ආයෝජන කලාපයේ ඇගලූම් කර්මාන්ත ශාලා තුනක් වසා දැමීමටද බලධාරීහු කටයුතු කළහ.
කොරෝනා වෛරසය ආසාදනය වූවන් සිටිය හැකි බවට ඇති සැකය නිසා මෙසේ එම ආයතන තුන වසා දැමූ බව ආයතන ප‍්‍රධානීහු පැවසූහ.
ආයෝජන කලාපයේ ඇ`ගලූම් කම්හලක සේවය කළ සී¥ව රාජපක්‍ෂපුර ප‍්‍රදේශයේ තිදරු මවකට මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු අතර උණ රෝගී තත්ත්වයක් හමුවේ මුලින්ම මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු ඇයට සිදුකළ පීසීආර් පරීක්‍ෂණයකින් පසු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවූවේ යැයි ජාතික කොරෝනා මර්දන ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී හලාවත ප‍්‍රදේශයෙන් පෙරේදා (08 වැනිදා* වාර්තා වූ රෝගියා ඉකුත් 25 වැනිදා කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයටද පැමිණියකු බව ඊයේ හෙළිවිණි. එසේ පැමිණි ඔහු කොළඹ බස් නැවතුම් පළටද ගොස් ඇති අතර පසුව ඉකුත් 30 වැනිදා නුවරඑළිය ප‍්‍රදේශයට ගොස් තිබෙන බවද සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන ඇත.
මෙම පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වූ අන්දම මෙතෙක්් අනාවරණ වී නොමැති අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි හලාවත ආරච්චිකට්ටුව ප‍්‍රදේශයේ පාසල් ශිෂ්‍යකුටද කොරෝනා ආසාදනය වී තිබෙන බව ඊයේ වාර්තා විය.
එම සිසුවා පසුගිය දිනවල හලාවත නගරයේ පැවති උපකාරක පන්තිවලටද සහභාගි වී ඇත. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරයද අභිරහසක් බවට පත්ව ඇත. මීගමුව කටුවාපිටිය ප‍්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයකු උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉකුත්
6 වැනිදා මීගමුව පෞද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබාගෙන ඇති අතර ඔහුට සිදුකළ පීසීආර් පරීක්‍ෂණයකට අනුව එම පුද්ගලයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ අනාවරණය වී තිබිණි.
මේ හේතුවෙන් අදාළ රෝහල විෂබීජානුහරණයට ලක් කර එහි සේවකයන් පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වූ අන්දමද මෙතෙක්් ආනාවරණය වී නැත. මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වූ ආකාරය හෙළි නොවීම හමුවේ ඉන් කියැවෙන්නේ මේ වන විට කොරෝනා වෛරසය සමාජය තුළ පැතිර යෑමක්දැයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගෙන් කළ විමසීමකදී එවන් තත්ත්වයක් රට තුළ මෙතෙක් උද්ගතව නොමැති බව හෙතෙම සදහන් කළේය.
ඇතැම් රෝගීන් හමුවූ විගස ඔවුන්ට වෛරසය ආසාදනය වූ ආකාරය හෙළි නොවුණද පසුව සිදුකළ පරීක්‍ෂණවලදී අදාළ මූලාශ‍්‍ර ආනාවරණය වී තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි මාස දහයක් වයසැති කුඩා සි`ගිත්තකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තා විය. ඒ අනුව එම සි`ගිත්තා ප‍්‍රතිකාර සදහා අයිඞීඑච් රෝහලට ඇතුළත් කර ඇති අතර දරුවා මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචි පවුලක දරුවකු බව රෝහල් බලධාරීන් සදහන් කළේය.
මෙම බිළිඳාගේ මවට සහ පියාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිදැයි බැලීම ස`දහා ඔවුන්ව පීසීආර් පරීක්‍ෂණවලට යොමු කර ඇත. පසුගිය දිනවල මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් පොකුර පාලනය කිරීමේ කටයුතුවලට සහභාගි වූ කඩවත පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද බලධාරීන් ඊයේ කටයුතු කර තිබිණි.
සිය රාජකාරිවලදී ඔවුන් සම`ග සමීපව කටයුතු කළ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කිහිප දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා මෙම පියවර ගෙන ඇත. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් රැල්ල හමුවේ ඊයේ දිනයේ රාගම ප‍්‍රදේශයෙන්ද කොරෝනා ආසාදිතයන් අටදෙනකු වාර්තා වී තිබිණි.
මෙම අටදෙනා අතරින් හත්දෙනකුම බ‍්‍රැන්ඩික්ස් ආයතනයට සම්බන්ධ පුද්ගලයන් වන අතර එක් අයකු ඔවුන්ගේ ආශි‍්‍රතයකු බවද අනාවරණය විය. සිදුකළ පීසීආර් පරීක්‍ෂණ මගින් ඔවුන් කොරෝනා ආසාදිතයන් බවට හෙළිවී ඇත. එම පුද්ගලයන් රාගමවත්ත, පේදුරු පාවුළු මාවත, බටහිර බටුවත්ත, රාගම සම`ගි මාවත සහ පොල්පිතිමුකලාන යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවටද හෙළිවී ඇත.
මේ අතර අහංගම එළුකැටිය ප‍්‍රදේශයේ පැවති දානමය පිංකමකට සහභාගි වූ මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කම්හලේ සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අනාවරණය වීමේ සිද්ධියක් හෙත්ුවෙන් එම පිංකමට සහභාගි වූ දකුණු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු වන ඒ.ජී.සී. පියසිරි මහතා ඇතුළු 311 දෙනකු නිවාස නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව ඉමදූව සහ හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු පැවසූහ.
ඉමදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි හිටපු පළාත් ඇමැතිවරයා සහ පවුලේ අය ඇතුළු පිරිස අතර සිව් දෙනකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටිනු සිසුන් බවත් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවකුද ඒ අතර වන බව ඉමදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සදහන් කළේය.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පුද්ගලයන් 196 දෙනකු නිරෝධායනයට ලක් කර ඇති අතර අදාළ බ‍්‍රැන්ඩික්ස් සේවිකාව දානමය පිංකම පැවති නිවසේ දෙදිනක් නතර වී සිට ඇත. මෙම පිරිසට ඊයේ පීසීආර් පරීක්‍ෂණ සිදු කිරීමට නියමිතව තිබූ බව හබරා¥ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප‍්‍රමෝද සිරිවර්ධන මහතා පැවසීය.
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇ`ගලූම් කම්හලේ සේවය කර මස්කෙළිය ටෙමාකා වතුයායට පැමිණ සිටි එකම පවුලේ තිදෙනකු රංටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමට ඊයේ මස්කෙළිය පොලිසිය පියවර ගෙන ඇත.
මොවුන් තිදෙනා යුද හමුදාව මගින් අදාළ නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැුගෙන ගිය අතර ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කර සිටින බව මස්කෙළිය පොලිසියේ නිලධාරියෙක් පැවසීය. පවතින කොරෝනා වසංගත අභියෝගය හමුවේ මෙවර උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට ගනු ලැබූ තීරණයට අනුව අදාළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂිත ප‍්‍රවාහන වැඩපිළිවෙළක් සැළසුම් කිරීමටද ඊයේ රජය කටයුතු කර තිබිණි.
ඒ අනුව උසස් පෙළ වභාග සඳහා කොළඹ පාසල්වලට පැමිණෙන සිසු සිසුවියන් වෙනුවෙන් විෂබීජානුහරණය කළ විශේෂ බස් රථ යෙදවීමට සහ ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රියවල විශේෂ ආරක්‍ෂිත මැදිරියක් සිසු සිසුවියන් වෙනුවෙන් වෙන් කිරීමට රජය පියවර ගෙන ඇත.
මෙම දුම්රියන් ඇඳිරිනීතිය බලපැවත්වෙන ප‍්‍රදේශයන්හි දුම්රිය ස්ථානවල නතර කිරීමටද ඊයේ වන විට අදාළ බලධාරීහු සාකච්ඡුා කරමින් සිටියහ. මේ අතර බ‍්‍රැන්ඩික්ස් කොරෝනා රැුල්ල හමුවේ වසා දැමීමට සිදුවූ මිනුවන්ගොඩ පොලිසිය ඊයේ යළි විවෘත කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබිණි.
මිනුවන්ගොඩ පොලිසියේ සේවය ප‍්‍රදේශයේ ජනතාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය බැවින් වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් ගෙන්වා මිනුවන්ගොඩ පොලිසියේ කටයුතු පවත්වාගෙන යෑමට මෙහිදී පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. පවතින තත්ත්වය හමුවේ වයඹ පළාත තුළ ලියාපදිංචි වාහන ස`දහා ආදායම් බලපත‍්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමටද ඊයේ රජය තීරණය කරනු ලැබීය.
මෙසේ වසංගත තත්ත්වයක් රට තුළ උද්ගතව තිබියදී ඒ පිළිබ`ද නොසලකා ඇතැමුන් අත්තනෝමතික ලෙස කටයුතු කළ අවස්ථා කිහිපයක් ඊයේ දිනය තුළද වාර්තා විය. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටින අතරතුර පෙරේදා (08 වැනිදා* බගවන්තලාව ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ සැ`ගව සිටි සේවිකාවක් ඇතුළු පවුලේ සියලූ දෙනා රන්ටැඹේ නිරෝධායන මධ්‍යස්ථානයට යැවීමට බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ යුද හමුදාව ඊයේ කටයුතු කර ඇත.
මෙම සේවිකාව සිය සැමියා සම`ග මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ කුලී නිවසක ජීවත් වී මෙසේ පැමිණි සැ`ගව සිට ඇති අතර මේ හේතුවෙන් එම වතුයායේ අවට නිවාසවල පුද්ගලයන් 69 දෙනකුද ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව කොරෝනා අවදානම නොතකා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස්වලට පටහැනිව ඊයේ දිනයේ බගවන්තලාව ප‍්‍රදේශයේ පැවැත්වෙමින් තිබූ පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පංතියක් වසා දැමීමට පොලිසිය කටයුතු කළේය.
පාසල් ගුරුවරුන් පිරිසක් මෙම උපකාරක පංතිය පවත්වා තිබුණු අතර එයට සිසු සිසුවියන් 30 දෙනකු පමණ සහභාගි වී සිටි බවද පොලිසිය සදහන් කළේය.
උපුටා ගැනීම – දිවයින පුවත්පත
