Gossip News

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දින 10ට රෝගීන් 1500 ඉක්මවයි

අද (14) උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් ආසාදිතයින් ගණන 1,591 දෙනෙකු ලෙස වාර්තා වේ.

පුද්ගලයින් 1,036ක් එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනිත් පුද්ගලයින් 555 දෙනා එම කම්හලේ සේවකයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ. මේ සම්බන්ධයෙන් කොවිඩ් – 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එම ආසාදිතයින් වාර්තා වු දිනයන් මෙසේයි.

පළමු සතිය තුළ ඔක්තෝබර් 5 – 11 දක්වා – 1186
ඔක්තෝබර් 12 – 121
ඔක්තෝබර් 13 – 90
ඔක්තෝබර් 14 – 194 (උදෑසන 6 වන විට)

තවද නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයින් 379 දෙනෙකු අද නිවෙස් වෙත පිටත් කර හැරීමට නියමිත බව පැවසේ. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන මධ්‍යස්ථාන තුනක රැඳී සිටි පිරිසක් මෙලෙස පිටත්කර යවනු ලබනවා.

මේ වන විට පුද්ගලයින් 52,090 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති අතර තවත් පුද්ගලයින් 9,905 දෙනෙකු මධ්‍යස්ථාන 84ක් තුළ නිරෝධායනය වෙමින් සිටින බව ද පැවසේ.

තවද  ඊයේ (13) දිනය තුළ PCR පරික්ෂණ 6,190ක් සිදු කිරීමත් සමග මෙරට සිදුකර ඇති සමස්ථ පී.සී.ආර් පරික්ෂණ සංඛ්‍යාව 342,343ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!