Gossip

”මිනිස්සු කැත විදිහට මගේ චරිතය ඝාතනය කරනවා.’’ ”මට ඕනෑම කෙනකු සමග විවාහ වීමේ අයිතිය ඇත”එයට වයස බලපාන්නේද නැත…

පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙච්ච සමිතා එරන්දතී මුදුන්කොටුව ප්‍රේක්ෂකයන්ට තමාගේ පෙම්වතා ගැන ඉඟියක් ලබාදුන්නේ තමාගේ දුරකථනයෙන් ඡායාරූපයකුත් පෙන්වමින්.

‘‘එයා මගේ පෙම්වතා. අනාගතේ අපි විවාහ වෙයි’’ යනුවෙන් ප්‍රකාශ කළ ඇය තමාගේ පණ වැනි දරුවන් දෙදෙනා ආදරයෙන් බලාගන්න කෙනෙක් සෙවූ බවත් හැඟීම්බරව පැවසුවා.

මෙම වැඩසටහන නිමාවීමත් සමග බොහෝ දෙනෙක්ට සමිතාගේ පෙම්වතා කවුද යන්න සොයන්නට වුණා.

මෙවන් උණුසුමක් මැද තමා සමිතාගේ පෙම්වතා කියාගත් සුන්දර තරුණයා කරලියට එන්නේ. ඔහු චිරන්ත එල්. ගුණවර්ධන.

ජාඇල පදිංචි චිරන්ත රත්නපුර, ඇලෝසියස් විද්‍යාලයේ ආදි සිසුවෙක්. අවුරුදු 21ක් වන චිරන්ත සමිතාගේ පෙම්වතා බව පිළිගත්තේ තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහාය. නමුත් ඔහු කිසිදු මාධ්‍යයකට මෙය ප්‍රකාශ කළේ නැත. සමිතා ගැන ටික් ටොක් වීඩියෝ කීපයක් සමගින් ඔහු සමිතාට ඇති බැඳීම ප්‍රකාශ කළා. මෙය බොහෝ දෙනා අතර ඇවිලී යන මාතෘකාවක් බවට පත්වන විට සමිතා අමුතුම තාලේ කතාවක් ෆේස්බුක් මාධ්‍ය හරහා ප්‍රකාශ කළා.

‘‘මගේ ගීතයක් රිලීස් වෙන්න තියෙනවා මගේ පෙම්වතා නමින්. මගේ පුතෙක් වගේ ඉන්න අපේ පවුලට හිතවත් ළමයෙක් මේ ගීතයේ වීඩියෝ එක සඳහා තෝරගන්න මම තීරණය කළා. ඒකට හේතුව වුණේ පුංචි කාලේ ඉඳලම ඔහුගේ කැමැත්තක් තිබුණා නළුවෙක් වෙන්න. ඒ සඳහා මම ඔහුට උදව් කළා. නමුත් දැන් ඒ උදව්ව මට චෝදනාවක් වෙලා. මිනිස්සු කැත විදිහට මගේ චරිතය ඝාතනය කරනවා.’’

සමිතා ඒ ආකාරයට පවසා තිබුණා. එමෙන්ම සමිතාගේ දියණිය පවා පසුගිය දිනවල පැවසුවේ මටයි, මල්ලිටයි ප්‍රශ්නයක් නැත්නම් අනිත් අයට මේ ගැන කතා කරන්න අයිතියක් නැති බවයි.සියල්ල දැන් සිදුවී හමාරයි. සමිතාට ඕනෑම කෙනකු සමග විවාහ වීමේ අයිතිය ඇත.

එයට වයස බලපාන්නේද නැත. නමුත් ප්‍රේක්ෂකයන්ටද මේ ගැන දැන ගැනීමේ අයිතියක් ඇත. මොකද කලාකරුවන් පවසන්නේ ප්‍රේක්ෂකයා ඔවුන්ගේ සම්පත බවයි. මෙවන් පසුබිමක සමිතා මෙවැනි කතාවක් කරලියට රැගෙන එන්නේ තමන්ගේ අලුත්ම ගීතය ජනප්‍රිය කරගැනීමට නම් එයටද උත්තර ලබාදිය යුත්තේ සමිතාමය.. නමුත් තාමත් සමිතා නිහඬය…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!