නාවික හමුදා රග්බි කණ්ඩායම සහ සී.එච්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම අතර පසුගියදා පැවැත්වුණු තරඟයකින් ජයගැනීමට නාවික හමුදා පිළ සමත්වී තිබුණා.
මෙම තරගය අතරතුර දෙපිරිස අතර යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබූ අතර සිද්ධිය ගැන විවිධ පුවත් සමාජමාධ්‍ය හරහා පැතිරුණා.
එහිදී සිද්ධිය සම්බන්ධයෙන් එකඑල්ලේම චෝදනා එල්ල කර තිබුණේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සහ රෝහිත රාජපක්ෂ මන්ත්‍රීවරයාටයි.
විවිධ පුවත් මවමින් පැතිරයන මෙම සිද්ධියේ ඇත්ත කතාව දැනගන්න අපි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාව සම්බන්ධ කරගත්තා..
එහිදී ඔහු සිද්ධිය ගැන මෙලෙස අදහස් පලකළා.
“අපේ මල්ලිලා සෙල්ලම් කරපු හින්දා මේ සිද්ධිය දේශපාලනීකරණය කරන්නයි උත්සහ කරන්නේ.
ඒ වගේ දේවල්වලින් පහර එල්ල වෙන්නේ සමස්ත ක්රීඩාවටමයි.
දේශපාලන වාසි ගන්න ඔය වගේ දේවල් කරන එක ගැලපෙන්නේ නෑ.
රගර් මැච් 10 ක් ගත්තොත් අටකම ඔය වගේ දේවල් වෙනවා.
ඒ වගේ දේවල් සාමාන්‍යයයි.
ඒත් මාධ්‍යවලින් මේක ප්‍රචාරය වුණේ හරියට මැරයෝ ගාණට.
ඒක ක්‍රීඩකයෝ හැමෝටම ප්‍රශ්නයක්. ඒවා මාධ්‍යවල දැක්කම ගෙවල්වලට මුහුණ දෙන්නේ කොහොමද..?
අපි දෙගොල්ලොම අන්තිමට කතාකරලයි යන්න ගියේ.
සිද්ධිය වුණේ මැච් එක ඉවරවෙද්දි කට්ටියම කෑගහගෙන ගියා.
ඇවිත් ඇගේ හැප්පුණා. පස්සේ මමයි අනිත් ටීම් එකේ මැනේජ්මන්ට් එකයි මැදිහත් වෙලා සිද්ධිය සමතයකට පත්කළා.
ඒත් අන්තිමට හැමතැනම ගියේ අපි චණ්ඩිකම් දාන්න ගියා කියලා.
හැමදේම කරන්නේ දේශපාලන වාසි ගන්න. කියන්න දෙයක් නැතිවුණාම නැති සිද්ධියක් පතුරවලා හරි මඩ ගහන්නයි බලන්නේ”
කෙසේ වෙතත් මෙම සිද්ධිය වූ අවස්ථාවේ වීඩියෝවක් හැමතැනම හුවමාරු වුණත් සිද්ධියෙන් පසුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, රෝහිත රාජපක්ෂ සහ අනෙක් කණ්ඩායමේ පුද්ගලයෙක් එක්ව සිටින ඡායාරූපයක්ද අපිට හමුවුණා.
එම සිද්ධිය සිදුවූ තත්පර 4 කට පසුව මෙම ඡායාරූපය කැමරාවක සටහන්වී තිබුණා.
සිද්ධිය වූ අවස්ථාවේ ඡායාරූපයක් සහ ඊට මොහොතකට පසු ගත් ඡායාරූපයක් සහ වීඩියෝව පහතින්..
