2019 විශ්ව රූ රැජින ලෙස දකුණු අප්රිකාවේ සොසිබිති ට්රන්සි නමැති කළු ජාතික තරුණිය කිරුළ පැලඳුවාය.
අවසන් වටයේ විනිශ්චය මණ්ඩලය ඇගෙන් විමසා සිටියේ ඇයව තෝරා ගැනීමට හේතුවයි.
ඊට සාර්ථකව පිළිතුරු දෙමින් ඇය පවසා සිටියේ ‘මා හැදී වැඩුණු ලෝකය මා වැනි කාන්තාවන්, මගේ සම ඇති කාන්තාවන්, මගේ හිස කෙස් ඇති කාන්තාවන් සුන්දර කාන්තාවන් ලෙස කිසිදා සැලකුවේ නැහැ. එම සිතිවිලිවලට නැවතුම් තිත තැබීමට අවස්ථාව මෙයයි’ යනුවෙනි.
එහි දෙවන ස්ථානය මෙක්සිකෝව විසින්ද, තෙවන ස්ථානය පෝටෝ රිංකෝ විසින්ද දිනා ගන්නා ලදී.
