රජයේ මුදල් අවභාවිත කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු විසින් තමා අත්අඩංගුවට ගැනීමට දරන උත්සාහය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති රිෂාඞ් බදියුදීන් මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
උතුරු නැගෙනහිර පැවැති යුද ගැටුම්වලින් අවතැන්ව පුත්තලම ප‍්‍රදේශයේ පිහිටි තාවකාලික කඳවුරුවල පදිංචිව සිටි මුස්ලිම් ජනතාවට ඡන්දය පාවිච්චි කිරීම සඳහා මන්නාරමට යෑමට පසුගිය ජනාධිපතිවරණය පැවැති දින සිය අමාත්‍යංශයේ මුදල් වැය කර ලංගම බස් රථ යෙදවීමෙන් මුදල් අවභාවිතා කළේ යැයි කියමින් නිසි පරීක්ෂණයකින් තොරව අත්අඩංගුවට ගැනීමෙන් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමින් හිටපු ඇමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.