Gossip

මාළු ව්‍යාපාරිකයා කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගැනීමත් සමග ඔබත් අනතුරකද.? මාළු ගත්ත අය වහාම සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් විශාල සංඛ්‍යාවක් හඳුනා ගැනුණු කොළඹ – 12 බණ්ඩාරණායක මාවත දේශයේ තවත් දහසකට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන් සියලු දෙනා යුද හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර පසුගිය(20) දිනයේ දී කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් පිළියන්දල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයා සමඟ සමීප සබඳතා පැවැත්වූ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

අදාල ව්‍යාපාරිකයාගේ වෑතර ප්‍රදේශයේ පිහිටි මාළු අලෙවිසැලෙන් මාළු මිලදී ගත් පිරිස් සිටී නම් ඒ සම්බන්ධයෙන් වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ වෙත දැනුම් දෙන ලෙස කහතුඩුව ප්‍රදේශය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක මදනායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම පුද්ගලයා මාළු මිලට ගැනීම හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල වසා දැමීමට තීරණය කර තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු නිරෝධායනයට යොමු කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

ඔහු ජා – ඇල, සුදුවැල්ල ප්‍රදේශයෙන් හඳුනා ගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ඇසුරු කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

ඒ අනුව ජා – ඇල ප්‍රදේශයේ පදිංචිව සිටි අදාල පුද්ගලයා ඔලුවිල් නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සමඟ සමීප සබඳතා පැවැත්වූ කොළඹ ප්රිදේශයේ පුද්ගලයින් සොයා නාවික හමුදා බුද්ධි මෙහෙයුම් දියත් කර තිබුණි.

එම මෙහෙයුම් මගින් විශාල පිරිසක් මේ වන විට නිරෝධායනය සදහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පසුගිය දින කිහිපයේ දී කටයුතු කළ බව නාවික හමුදාව පැවසුවේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!